27 April 2024
#දේශීය

ඉදිරි සති දෙක තුල කොරෝනා ආසාදිතයින් ඉහලට – උපුල් රෝහණ

රට විවෘත කිරීමෙන් පසුව ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිම හේතුවෙන් කොරෝනා ආසාදිතයින් ගණන ඉහල ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශේෂයෙන්ම පසුගිය සති අන්තයේදී ජනතාව කිසිදු අයුරකින් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බව දැකගැනීමට හැකි වු බවයි.

ජනතාව විනෝද චාරිකා, බිච් පාටි වැනි උත්සව තබමින් සෞඛ්‍ය උපදෙස් කඩමින් රෝගය පැතිරෙන්නට ඉඩ හැර ඇති බව හෙතෙම පැවසිය.

ඉදිරි සති දෙකින් පසුව තව දුරටත් රෝගය ව්‍යාප්ත වීමට නියමිත බව රෝහණ මහතා කියා සිටියේය.

එන්නත්කරණ සිදු වු නිසා මරණ සංඛ්‍යාව පාලනය කර ගත හැකි බවත් කොරෝනා පොකුරු වර්ධනය වෙලා දෙසැම්බර් මාසදී රෝගින්ගේ ඉහළ යෑම බහුලව දැකිය හැකි බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *