2021 ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න අද (31) සමත් විය.
ඒ අනුව, 2021 වර්ෂයේ පැවැත්වෙන 99 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 4 තත්පර 9.12 කින් (4:9.12) විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ගයන්තිකා අබේරත්න සමත් විය. එමෙන්ම, අද ( 31) මිටර 5000 කාන්තා ධාවන ඉසව්ව ඇය විනාඩි 15 තත්පර 55.84 කින් (15:55.84) ජයග්‍රහණය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක්ද, 2017 වර්ෂයේ ඉන්දියාවේදී පැවති ආසියානු ශුරතාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමද, 2018 වර්ෂයේ ජකර්තා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 1500 කානතා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ එම ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද, දිනාගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි.
එමෙන්ම, 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී ඇති නායක කාන්තා නැවි ගයන්තිකා රත්නායක, නාවික හමුදා මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් දැක්වූ විශිෂ්ඨ දක්ෂතා අගයමින් 2021 වර්ෂයේ පැවති නාවික හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් හිමි කර ගන්නා ලදී. තවද, ඇයගේ පුහුණුකරු ලෙස ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්යක්ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා කටයුතු කරනු ලබයි.
Navy’s Gayanthika Abeyrathna sets two new Sri Lanka records
Sri Lanka Navy Leading Women Sailor Gayanthika Abeyrathna set two new Sri Lanka records in women’s 1500m and 5000m at the 99th National Athletics Championships held at the Sugathadasa Indoor Stadium. The Asian Gold Medalist set these two new records in respective events held on 30th and 31st October 2021.
Accordingly, Leading Women Sailor Gayantika Abeyratne set the new national record in the women’s 1500m in 4 minutes and 9.12 secs (4: 9.12), beating Nimali Liyanarachchi’s previous record of 4 minutes and 15.86 secs (4: 15.86) set in 2019. Further, this morning (31st October) she won the women’s 5000m in 15 minutes and 55.84 secs (15: 55.84), setting a new Sri Lanka record by breaking the previous record of 16 minutes and 17.82 secs (16: 17.82) set by Nilani Rathnayake in 2019.
The women athlete has brought much credit to the Navy as well as the motherland throughout her athletic career. She has won a gold medal in the women’s 800m at the 2017 Taipei City Asian Grand Prix in Taipei, a silver medal in the women’s 800m at the 2017 Asian Championships in India, a gold medal in the women’s 1500m at the 2018 Asian Games in Jakarta and a bronze medal in the women’s 800 meters at the same championship.
She joined Sri Lanka Navy in 2010 and has represented Sri Lanka Navy in athletics over the years. For her exceptional talents in the sporting arena, she has won the award for the Best Sportswoman from Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne at the Navy Colours Night in 2021. She is coached by Mr. GL Sajith Jayalal, Director, National Institute of Sports Science.