27 April 2024
#දේශීය

කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?- මන්ත්‍රී රෝහිණි

කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදන බවත් එය ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඇය කියා සිටින්නේ වල් නාශක නොමැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියන බවත් මහා පරිමාන වගාකරුවෝ සියළු දෙනා දැන් නන්නත්තාර වී ඇති බවයි.

නැගෙනහිර, රජරට, මහියංගනය අතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුනේ නැත්තම් ඔවුන් සදා අනාථ වෙනවා බව ඇය අනාවරණ කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුව කියන පට්ටපල් බොරු අහලා ගොවියෝ ටික දෙනෙක් වී වගාව කරලා තියෙන අතර දැන් ගොවියාට වල්ටික ගලවා ගන්න නොමැති මන්ත්‍රීවරිය කියා සිටියාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *