මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකිර්ණයේ ඔක්සිජන් නල පද්ධතිය දිර්ඝ කර පොදු ජන අයිතියට පත් කිරිම ඉකුත්දා සිදු කෙරුණි.
ලෝක බෞද්ධ තරුණ සංඝ සභාවේ මහ ලේකම්, සමස්ත ලංකා ශාසකකාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි,මාතලේ බකඩුව අනුරුධ අරණාධිපති මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ ඉල්ලිම පරිදි තායිවානයේ ගොයන්ඩිසැන් බෞද්ධ පදනමේ හා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සභාපතිනි පුජ්‍ය ෂි කුආන් රු (Shi,Kuan-Ru) මුල්‍ය පරිත්‍යාගයෙන් මෙම නල පද්ධතිය සවි කර තිබේ.
පොදු ජන අයිතියට පත් කිරිමේ අවස්ථාවට මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති/සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමි, මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමි,මාතලේ මහ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා ඇතුලු කාර්ය මණ්ඩලය රෝහල් සංවර්ධන කමිටුවේ නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න