• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් පාලනයට පසුගිය වසර එකහමාරේ රු. බි 181 ක් වියදම් කලා -සෞඛ්‍ය අමාත්‍ය

18 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අයවැය ප්‍රතිපාදනවලට අමතරව කොවිඩ් පාලනය සදහා ගෙවුණු වසර එකහමාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග තුනක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමිනි.

ඒ අනුව කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් යක්ගහපිටිය නෙළුම්පත්හින්න දේවාල ගම්මැද්ද මාර්ගය රුපියල් මිලියන 50 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කිරිමත්, කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් අඹකොටේ ශ්‍රී රාහුල මාර්ගය (වික්ටෝරියා රේන්ජ්), රුපියල් මිලියන 13.8 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ සහ කිලෝමීටර් 0.825 ක දුර ප්‍රමාණයකින් යුත් මල්පාන පන්සල මාර්ගය රුපියල් මිලියන 18.9 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමෙන්ම බූස්ටර් එන්නත සදහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන බවත්, ඉන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් රටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය.

ඉදිරි මාස දෙක තුල එම එන්නත් සියල්ල ගෙන්වීමට පියවර ගන්නා බවද විශේෂයෙන් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත වැඩි වශයෙන් ජනතාවට ලබාදීමට පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ වෛරසය ආසාදිතයින් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර සේවාවන් දියත් කිරීමේ ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් කරමින් සහ එම වැඩපිළීවෙල ලෝකයේම ප්‍රචලිත කළ යුතු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට සම්මානයක් ලබාදීමට සුදානමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

වෛරසය ආසාදිතයින් එක්ලක්ෂ දාහතරදහසක් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර සේවාවන් දියත් කළ බවත්,ඉන් අහිමි වුයේ එක් මිනිස් ජිවිතයක් පමණක් බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම පිරිසෙන් 1400 ක් පමණක් රෝහල් ප්‍රතිකාර සදහා යොමු කිරීමට සිදු වූ බවද අවධාරණය කළේය.

මෙම ක්‍රමවේදය නිසා ඉන්දියාවේ වැනි තත්ත්වයක් ඇති නොවු බවත්, එම ක්‍රමවේදය ලොව පුරා ප්‍රසාදයට ලක්විය යුතු කරුණක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ වන විට කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග 59 ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවද, මෙරට වැඩිම මාර්ග සංවර්ධන කටයුතු ප්‍රමාණයක් සිදු කරන කුරුණෑගල දිස්ත්‍රික්කය හැරුණු විට දෙවන ස්ථානයේ පසුවන්නේ කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසය බවද හෙතෙම කීය. 2022 වර්ෂයේ මෙම සංවර්ධන වැඩසටහන් අවසන් කිරිමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

Post Views: 6
Previous Post

INSEE සමාගමේ රුහුණු කර්මාන්ත ශාලාවේ සිමෙන්ති ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනයකින් වැඩි කිරීමට පියවර

Next Post

උපාධිධාරීන් 51000ට ම ස්ථීර පත්වීම් – ඇමති දිනේෂ්

editor

editor

Next Post

උපාධිධාරීන් 51000ට ම ස්ථීර පත්වීම් - ඇමති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved