• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට අපූරු පාඩමක් කියා දුන්නා – අග්‍රාමාත්‍ය මහින්ද 

20 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී පවා තමන් මරණයට පත්කරන මිනිස්සුන්ට වෛර නොකරමින් අපූරු පාඩමක් ලෝකයට කියා දුන්නා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය මුල්කර ගනිමින් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති 2021 රාජ්‍ය නත්තල් උත්සවය සඳහා අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සිට සූම් යෙදුම ඔස්සේ එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය රාජ්‍ය නත්තල් උත්සවයට සමඟාමීව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රත්නපුර පදවියේ කෑගල්ල දිසාව වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රය හා තිරය සබරගමු පළාත් කණිටු දෙව්සත්හලේ අදියරු, කෑගල්ල දිසා නායක රංජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේටත්, රත්නපුර පදවියේ සිංහල, දෙමළ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල 20 ක් හා දහම් ගුරුවරු සඳහා ධර්මෝපදේශ ග්‍රන්ථ 100 ක් රත්නපුර පදවි ධර්මෝපදේශ අධ්‍යක්ෂ ජූඩ් අමිල පූජාප්‍රසාදීන් වහන්සේටත් රාජ්‍ය නත්තල් උත්සවයේ දී ප්‍රදානය කළාය.

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන බයිබල් දැනුම මිනුම තරගාවලියේ ජාතික මට්ටමේ සහ 2021 නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරගාවලියේ ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියන්ට කෑගල්ල දිසා නායක රංජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේ ඇතුළු පැමිණ සිටි ආරාධිතයන් අතින් ත්‍යාග ප්‍රදානය කෙරිණි.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු රත්නපුර රදගුරු වසමේ රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් , රත්නපුර පදවි අනුනායක ඩේමියන් ප්‍රනාන්දු , කෑගල්ල දිසාවේ රංජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේලා, දේවගැතිතුමන්ලා සහ පැවදි සොහොයුරියන් මෙහි පැමිණ සිටියහ.

 

රාජ්‍ය නත්තල් උත්සවය 2021 අමතමින් අග්‍රාමාත්‍යතුමා සූම් ඔස්සේ කළ සම්පූර්ණ කතාව මෙසේය.

ආදරණීය කිතුණු බැතිමතුනි,

ලෝ වැසි සියලුම කිතුණුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිකරන නත්තල වෙනුවෙන් පවත්වන රාජ්‍ය නත්තල් උත්සවය අදට යෙදී තිබෙනවා.

අපි සෑම වසරකම රාජ්‍ය නත්තල් උත්සවය පවත්වන්නේ කතෝලික රදගුරු පදවියක් මුල්කරගෙනයි.

යාපනය, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, කුරුණෑගල වැනි රදගුරු පදවි මුල්කරගනිමින් පසුගිය වසර කිහිපය තුළ අපි රාජ්‍ය නත්තල් උත්සවය පවත්වනු ලැබුවා. මෙවර පැවැත්වෙන්නේ කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී. මේ නිසා කෑගල්ල ඇතුළු රත්නපුර පදවිය තුළ ජීවත්වන කතෝලික හා ක්‍රිස්තියානි ජනතාවට විශේෂයෙන් කෑගල්ලේ කිතුණු ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් විදියටයි මා මෙය දකින්නෙ.

කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය වසර 170 කට ආසන්න ඉතිහාසයක් තියෙන ඉපැරණි දේවස්ථානයක් බව අපි දන්නවා. කිතුණු බැතිමතුන් විතරක් නෙමෙයි බෞද්ධයන් ඇතුළු අන්‍යාගමික බැතිමතුන් පවා මෙම දේවස්ථානයට පැමිණෙනවා.

අපට කිසිදාක අමතක කරන්න බැරි පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරමින් පසුගිය අප්‍රේල් 21 වෙනිදා මෙම දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට බෞද්ධ භික්ෂූන් වහන්සේ පවා වැඩ සිටි බව මට මතකයි. ඒ විතරක් නෙමෙයි එම භික්ෂූන් වහන්සේලා පහන් දල්වා එදා මියගිය ඒ අපේ සහෝදර ජනතාව සිහිපත් කළා මට මතකයි. ඒ නිසා මේ දේවස්ථානය ආගම් අතර සහජීවනය ඇති කරන දේවස්ථානයක්.

රාජ්‍ය නත්තල් උත්සවයට මේ ප්‍රදේශය මූලික කරගනිමින් පවත්වනවා වගේම මේ අවට දේවස්ථාන සංවර්ධනය කරන්නත්, ඒවායේ දහම් පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නත් අපි කටයුතු කරනවා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම සෑම ආගමකටම අයත් සිද්ධස්ථාන දියුණු කිරීමට ප්‍රමුඛතාවය දී තිබෙනවා.

ආදරණීය කිතුණු බැතිමතුනි,

ආගම තුළින් අපට යහපත් පුරවැසියන් සමාජයට බිහිකරන මග කියාදෙනවා. හැම ආගමක්ම කියාදෙන්නෙ යහපත් ජීවිතයක් ගතකරන්න. එහෙම නැතිව වෛරය,ක්‍රෝධය පතුරවන්න නෙමෙයි.

“නොදැන පව්කරන මේ මිනිසුන්ට සමාව දෙන්න” කියලයි ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවසාන මොහොතේදීත් පැවසුවේ. කුරුසය මතදී පවා තමන් මරණයට පත්කරන මිනිසුන්ට වෛර නොකරමින් අපූරු පාඩමක් උන්වහන්සේ ලෝකයට කියා දුන්නා.

ඒ නිසා සාමයේ කුමාරයා ලෙස හැඳින්වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරන මෙවර රාජ්‍ය නත්තල් උත්සවය “මනුෂ්‍යත්වයේ ප්‍රේමයේ සළකුණ නත්තලයි” තේමාවෙන් සැමරීම කාලීන වැදගත්කමක් උසුලන බවයි මා විශ්වාස කරන්නෙ.

බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙමින් එය ආරක්ෂා කරනවා වගේම රටේ අනෙකුත් ආගම් වලට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව ලබාදීමට අපේ රජය නිරතුරුව කැපවී සිටිනවා. වචනයට සීමා නොවී අපි ඒ බව ක්‍රියාවෙන් ඔප්පුකර තිබෙනවා.

ආදරණීය කිතුණු බැතිමතුනි,

ඕනෑම සමාජයක විනය පවත්වාගෙන යෑමේ විශාල කාර්ය භාරයක් ආගම තුළින් ඉටුවෙනවා. අපි දන්නවා සමාජයේ අපරාධ වැඩිවෙන්නත් එක්තරා විදියකට ආගමික හික්මීම සමාජය තුළින් ගිලිහී යාම බලපානවා. සමාජය යහමගට ගන්න ආගමික නායකත්වයෙන් ඒ සඳහා නිවැරදි මග පෙන්වීමක් අද අවශ්‍ය වී තිබෙනවා.

ගහල බැනල අපිට සමාජයක් හදන්න බැහැ. නීති දමල හිරේ විලංගුවේ දැම්මා කියලා සමාජයක් හැදෙන්නෙත් නැහැ. සමස්ත සමාජයම සාරධර්මවලින් ආගමික ගුණ වගාවෙන් පෝෂණය කළ යුතුයි. එවිට ආගමට දහමට ලැදි සමාජයක් තුළින් සමාජය නිවැරදි මාවතට ගන්න පුළුවන් වෙනවා. සාරධර්ම වලින් සපිරුණු ජන සමාජයක් ගොඩනැංවීමේ අරමුණ ඉටු කර ගැනීමට අපි සියළු දෙනා කැපවිය යුතුබව ප්‍රකාශ කරමින් ඔබ සැමට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

අග්‍රමාත්‍යතුමා සමඟ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අරලියගහ මන්දිරයේ සිට මෙම උත්සවය හා එක්ව සිටියේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය, කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ මහත්ම මහත්මීහු රැසක් සහභාගිවී සිටියහ.

 

 

Post Views: 5
Previous Post

විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවතට එකතු වෙමු – අනුර දිසානායක

Next Post

රන්ජන් නිදහස් කරන්නැයි සජිත් යළි ඉල්ලයි

editor

editor

Next Post

රන්ජන් නිදහස් කරන්නැයි සජිත් යළි ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved