• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙගාවොට් 40 ක පියසි සූර්ය පැනල සඳහා ලංවිම සබඳතාවය ලබා දී නැහැ – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

10 February 2022
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නිවෙස්වල පියසි මත සූර්ය පැනල සවි කර වසර එකහමාරක් දෙකක් පමණ කල්ගත වී ඇති නමුත් ඒ සඳහා සබඳතාවයන් ලබා දීමට විදුලි බල මණ්ඩලය  තවමත් ක්‍රියා කර නොමැති බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි පවසා සිටියේ අඩු ආදායම්ලාභීන්ට ද සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය හිමිව ඇති  බවයි.

අඩුආදායම්ලාභී සමෘද්ධි සහනාධාරය හිමි පවුල්  ලක්ෂයක වහල මත සූර්ය කෝෂ සවි කර මාසිකව රු. 2 500 ක ආදායමක් හිමිවන පරිදි  වසර 15කට පසුව සම්පූර්ණ  අයිතිය ඔවුන්ට හිමිවන ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේය.

පසුගිය ජනවාරි 31 විදුලිබල පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නෛතික කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව  පාර්ලිමේන්තුවට සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම කුඩා සංශෝධනයක් සිදු කිරීමට මෙතරම්  ප්‍රමාදවීම හේතුවෙන් වසර 2013 සිට මේ දක්වාම ආණ්ඩු ගණනාවකට  පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” හැමෝම කතා කරනවා විදුලි බල මාෆියාවක් පිළිබඳව. මම නම් මාෆියාව යන්න විශ්වාස කරන්නේ නැහැ. මොකටද මේ රටේ ජනතාව ආණ්ඩුවක් හදන්නේ , පළාත් සභාවක් හදන්නේ , ප්‍රාදේශිය සභාවක් හදන්නේ, අපි බලයට පත් වුණාට පස්සේ මාෆියාව නිසා බැරි වෙනවා , අරයා නිසා බැරි වෙනවා , මෙයා නිසා බැරි වෙනවා කියල කියනවා නම් මිනිස්සු ඇයි අපිට ආණ්ඩුවක් හදල දුන්නේ. මාෆියාව කියන්නේ බොහොම ජනප්‍රිය වචනයක් . හැබැයි අපි දැන ගන්න ඕනි උත්තරේ කොහෙද තියෙන්නෙ  ? උත්තරේ කොහොමද හොයා ගන්නෙ කියල. ඒ අනුව තමයි අපි කැබිනට්  මණ්ඩලයට ගිහින් පනත වෙනස් වෙන්නෙ . කරන්න බැරිවුණ බොහෝ ව්‍යාපෘති කරනන් පුළුවන් තත්ත්වයට ගෙනත් තියෙන්නෙ. අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම, අද වෙනකොට මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා. මේ වගේ නිලධාරීන් ඉන්නව නම් , දේශපාලඥයන් ඉන්නවනම් , මේ හැමොටම දඩුවම් දිය යුතුයි කියල මමත් විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් අපේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් සපුරා ගන්න. ඒ අනුව අපිට සිද්ධ වෙනවා තව අවුරුදු 8ක් තුළ මෙගාවොට් 9 000ක් පමණ අළුතින් පද්ධතියට  එකතු කරන්න තියෙනවා . ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වැය කරන ඉන්ධන ප්‍රමාණය පවා අඩු කළේ නැත්නම් අපට එය දරා  ගැනීමට බැරි වෙනවා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මොගාවොට් 50 හා ඊට වඩා වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අපිට යෝජනා 534 ක් ලැබුණා. අපි හෙට වෙනකොට මේ ටික ලැයිස්තුගත කරල විදුලිබලමණ්ඩලයට ලබා දෙනවා අව්‍යශ ඉතිරි වැඩ ටික සිදු කරන්න . යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

මාතලේ කිතුල් කර්මාන්ය බිද වැටෙයි

Next Post

තන්ත්‍රී ට්‍රේලර්ස් සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක්

editor

editor

Next Post

තන්ත්‍රී ට්‍රේලර්ස් සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved