ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් සිදුකෙරෙන නාවික, ධීවර හා සාගර සම්බන්ධ පාඨමාලා 21ක් අතරින් පාඨමාලා ත්රිත්ත්වයක අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ගේ ප්‍රථම ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය අද (18) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH) පැවැත්විණ.
ඒ් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
එහි දී, ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (National Diploma in Aquaculture and Aquatic Resources Management), සමුද්‍ර හා සැපයුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Maritime and Logistics Management)සහ නාවික ඉංජිනේරු ජාතික ඩිප්ලෝමාව (National Diploma Marine Engineering) යන පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් අද දින ඩිප්ලෝමාධාරීන් බවට පත් විය.
දේශීය සහ විදේශීය රැකියා සුලබ මෙම පාඨමාලාවන් අවසානයේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතිකයක් ලබාදෙන අතර සුදුසුකම් ලබන අභ්‍යාසලාභීන් හට සෘජුවම රැකියාගත වීමට අවස්ථාව හිමි වේ. දිවයිනේ වෙරළාසන්නව පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන අටක මෙම පාඨමාලා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ත්වයෙන්ම පවත්වනු ලැබේ.
මෙම අවස්ථාව සඳහා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඔස්කා(ර්) අමරසිංහ මහතා, උප කුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතා, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය තිලකරත්න ඒ. පියසිරි මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.