ඡන්ද ක්‍රමය ගැන පාර්ලිමේන්තු කමිටුව, මගින් කඩිනමින් මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පිළිබඳ නිර්දේශ ලබා දී, පළාත් පාලන ඡන්දයකට යා හැකි බව, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (20) මතුගම පැවැති මහජන එක්සත් පෙරමුණේ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ නියෝජිත සමුළුවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක් වු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ” ම.එ.පෙ. මතය ඉදිරියට ගෙනයන්නට, මේ තරුණ සම්මේලනයට ශක්තිය හා අධිෂ්ඨානය තිබෙනවා. පරාජය මධ්‍යයේ දේශපාලන බලය කරා යන්න, පසුගිය ආණ්ඩුව ගෙදර යවන්න මේ තරුණයා දැවැන්ත ශක්තියක් වුනා. කෝවිඩ් ප්‍රශ්නයෙන් පසුබෑමකට ලක්වූ ආර්ථිකය යළි පිබිදීමේදී වැඩිම වාසිය තරුණයන්ට ලබාදිය යුතුයි. ලෝකය පුරා ඇති නැති පරතරය පළල් වෙමින් තිබෙනවා. නව ආදායම් මාර්ග වර්ධනය කරගන්න, තිබෙන දේශපාලන බලය රැකගෙන කටයුතු කළ යුතුයි. අය වැයෙන් ගමට විශාල මුද්ලක් වෙන් කළේ, මහජන සහභාගිත්වයෙන් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටයි. රටේ උරුමය , සභ්‍යත්වය රැකගැනීම කළ හැක්කේද තරුණ පරම්පරාවටයි. මෙතනදී යෝජනාවක් සම්මත කරගත්තා, මිශ්‍ර ක්‍රමයට ඡන්දය තියන්න කියලා. පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය ගැන කමිටුවෙ සභාපති විදියට මම කියන්න ඕන, අපි දැන් ඒ කමිටුවෙ කටයුතු කරගෙන යනවා. ඉක්මණින් නිර්දේශ ලබාදීලා, පළාත් පාලන ඡන්දයකට රට ගමන් කරවන්න පුළුවන් වෙයි කියා සිතනවා. අනාගතය ගැන තාරුණ්‍යයට අපි සහතිකයක් ලබාදිය යුතුයි. රටවල් බෙදන ලොව බලවත් රටවල වැඩපිළිවෙළට එරෙහිව, අපේ රටේ තරුණයෝ වැඩ කර, ඒක,අපි නැවැත්තුවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට, රාජ්‍ය අමාත්‍යවරු වන, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලලිත් වර්ණකුමාර, මර්ජාන් ෆලීල්, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල යන මහත්තුරුන්ද එක්ව සිටියහ.