27 April 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි

බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

ඇය මේ වන විට රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති ඇයට දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනු ඇති අතර සුදුසු සියලුම මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

95 හැවිරිදි රැජින පසුගිය සතියේ ධනාත්මක බව පරීක්‍ෂා කළ ඇගේ වැඩිමහල් පුත්‍රයා සහ උරුමක්කාරයා වන වේල්ස් කුමරු සමඟ පසුගිය දිනක හමු වි ඇත.

රැජින වාසය කරන වින්ඩ්සර් මාලිගයේ පුද්ගලයින් ගණනාවක් ධනාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *