27 April 2024
#දේශීය

සමාජ මාධ්‍ය සඳහා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් – රාජ්‍ය ඇමැති ‍ෂෙහාන්

මෙරට භාවිතා කරන සමාජ මාධ්‍ය සඳහාද මාධ්‍ය භාවිතා කරන ආයතන වලට තිබෙන ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් බවත්, ඒ හරහා රටක් ජාත්‍යන්තර අප කීර්තියට පත් කිරීම වැලැක්විය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

එසේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව මුලාවට පත් කර ජාත්‍යන්තර වශයෙන් රට අප කීර්තියට පත් කිරීමට උත්සහ දරන්නන් හට දැඩි විරෝධතාවලියක් දැක්වීමට සුදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *