• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් ජාලගත විය යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

25 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් හිමිවූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් කාන්තාවන් ලෙස ජාලගත වීම වැදගත් වන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කාන්තා දේශපාලන සහභාගීත්වය පිළිබද ප්‍රතිපත්ති සහ භාවිතාවන් සිතියම්ගත කිරීම සදහා දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබදව One Text Initiative සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ෆින්ලන්තයේ දේශපාලන පක්ෂ යන ආයතනයන් විසින් ඉදිරිපත් කළ වාර්තාව මොනාර්ක් ඉම්පීරියල්හිදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා රජය විසින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා තමන්ගේ කැපවීම ප්‍රකාශ කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 06ක සහභාගීත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන මැදිහත්වීම පිළිබද ඉතා පැහැදිලි චිත්‍රයක් සපයනු ලබයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ 225ක් සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකුගේ හඩ නොඇසෙන බවත් 213ක් අභිබවා යාහැකි හඩක් නැගීමට නම් 23%ක් වූ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන් සහ කාන්තාවන් ජාලගතවීම අවශ්‍යතාවයක් බවයි.

මෙහිදී අමාත්‍යවරිය පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනා විවිධ පක්ෂවල සිටියත් කාන්තාවන්ගේ ප්‍රශ්නවලදී එකට සිටගන්නවා සේම යම් මන්ත්‍රීවරියකට සිදුවන අසාධාරණයකදී මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස එක්ව කටයුතු කරන බවයි.

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සදහා වෙන්කර ඇති 25%ක කෝටාව අඩුකිරීමට උත්සාහගනු ලැබුවහොත් එය පරාජය කිරීමට තමන් කැපවන බවයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහතික කිරීම සදහා මේ වන විට පියවර රැසක් ගනිමින් සිටින බව සදහන් කළ අමාත්‍යවරිය ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ද පත්කර ඇති බව සදහන් කළාය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, දෙමළ සන්ධානය වෙනුවෙන් එම්.ඒ.සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් දොලවත්ත, ජගත් පුෂ්ප කුමාර, හිටපු මන්ත්‍රීවරුන් වන ෆේරියල් අෆ්රොෆ්, කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් සමග වන් ටෙක්ස්ට් ආයතනයේ සභාපති අමීර් ෆායිස්, එහි ව්‍යාපෘති අධ්‍යක්ෂිකා කනකා අබේගුණවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රභා මනුරත්න, හරිනද්‍ර බී දසනායක, මනීෂා දූල්ලෑව යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු – ජනපති

Next Post

රසායනික පොහොර නොගෙන්වීම නිසා රටට විශාල ප්‍රමාණයක් ඩොලර් ඉතුරු වුනා – ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන

editor

editor

Next Post

රසායනික පොහොර නොගෙන්වීම නිසා රටට විශාල ප්‍රමාණයක් ඩොලර් ඉතුරු වුනා - ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved