• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාලු කොටුවේ ඉපැරණි ගබඩා ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ සංරක්ෂණය කටයුතු අරඹයි

26 March 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල කොටු පවුරේ බාලදක්ෂ මාවතේ පිහිටි පිවිසීමේ දොරටුවේ කඩා වැටීමට ආසන්නව තිබූ යකඩ දොරවල් දෙක ගලවා සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

ලන්දේසින් විසින් බලය ලබාගත් පසු කොටු පවුරට අල්ලා ලංකාවේ දිගම ගොඩනැගිල්ල ලෙස ඉදිකළ මෙම ගබඩා ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අයත් වූ පුරාවිද්‍යා ස්මාරකයකි.

මෙම දොර ද එම වකවානුවේ දී සවිකර ඇති අතර මෙහි දොර අල්ලු දිරා තිබිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළ අතර, එහි සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට මේ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල ගාල්ල ව්‍යාපෘතියට පැවරුණි.

2004 වර්ෂයේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ගාලු කොටුවට දැඩි ලෙස හානි සිදුවිය. පසුකාලීනව නෙදර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක වුණු ගාලු කොටුව සංරක්ෂණ කටයුතු 2006, 2007 සහ 2008 යන වර්ෂවල ක්‍රියාවට නැංවිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම කටයුතු සඳහා දායකත්වය සැපයූ අතර, මෙහිදී කොටු දොර ඇතුළත් කොටස ද සංරක්ෂණය කරන ලදී .

මෙහි එක් දොර පියනක උස අඩි 13ක් වන අතර පළල අඩි 8.5 ක් වේ. එවකට වම්පස ඇති දොර පියන දැඩි ලෙස හායනයට ලක් වී තිබිණි. ගුළු ඇණ හා දොර අල්ලු දිරා තිබූ අතර ගාලු කොටුවට වාහන ඇතුල් කිරීමේ දී මෙම කොටසෙහි ගැටීම මෙහි හායනයට මූලික හේතුව බව රසායන සංරක්ෂණ විශේෂඥයන්ගේ නිගමනය විය. මීට අමතරව මුහුදු සුළං ඛාදනය නිසා ද, මෙම දොරටුව දැඩි ලෙස හායනයට ලක් වී ඇත. දැව තට්ටු දෙකකින් යුතුව මෙම දොරපියන් නිර්මාණය කොට ඇත. යකඩ බෝල්ට් ඇණ වලින් ලී එකිනෙකට සම්බන්ධ කොට ගෙන ඇත. 2008 වර්ෂයේ දී මෙම කොටු දොර පියන් දෙක ගලවා සංරක්ෂණය කරන ලදී. මෙහි දී හායනය වූ පැරණි ලී කොටස් වෙනුවට අලුත් දැව කොටස් ආදේශ කරන ලදී. පැරණි යකඩ ඇණ සංරක්ෂණය කොට භාවිත කිරීමට අමතරව ඊට සමාන අයුරින් නිමවන ලද යකඩ ඇණ සංරක්ෂණයේ දී ආදේශ කරන ලදී .

දුර්වර්ණ ව පැවැති දොරෙහි වර්ණ කොටස් පරීක්ෂාවට ලක් කළ අතර සාදිලිංගම් සහ ලින්සිඩ් ඔයිල් වලින් දොර වර්ණ ගන්වා තිබුණ බවට මෙහි දී හෙළිවිය. ඕලන්ද වාර්තාවලට අනුව සාදිලිංගම් සහ ලින්සීඩ් ඔයිල් භාවිත කර වර්ණ සාදාගෙන ඇත. මේ අනුව 2008 වර්ෂයේ දී සාදිලිංගම්, ලින්සීඩ් ඔයිල් සහ පොල් කටු අඟුරු (කළු වර්ණය සඳහා) වලින් එම දොරෙහි වර්ණයට සමාන වන අයුරින් වර්ණ ගන්වා සංරක්ෂණය කරන ලදී.
මධ්‍යම සංස්කෘතික අරමුදල ගාල්ල ව්‍යාපෘතිය මගින් මේ වන විට ද අවශ්‍ය වාර්තා සහ ඇස්තමේන්තු සකස් කර එහි ඉදිරි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට අපේක්ෂිතය.

ගාල්ල නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතා මෙම කාර්‍යයේදී විශේෂ දායකත්වයක් දක්වන ලදී.මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල ව්‍යාපෘති කළමනාකරු ගාමිණී දොඩන්වල මහතා ප්‍රධාන කාර්‍යයය මණ්ඩලය මෙම සංරක්ෂණ කටයුතු අධීක්ෂණය කරයි.

Post Views: 9
Previous Post

උකුවෙල ඇවිදන මංතිරුවට විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධයක්

Next Post

පාපකාරී ආණ්ඩුවට එරෙහි සාපය ගෙයක් ගෙයක් ගානේ ඇහෙනවා – විපක්ෂ නායක සජිත් කියයි

editor

editor

Next Post

පාපකාරී ආණ්ඩුවට එරෙහි සාපය ගෙයක් ගෙයක් ගානේ ඇහෙනවා - විපක්ෂ නායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved