27 April 2024
#දේශීය

පාපකාරී ආණ්ඩුවට එරෙහි සාපය ගෙයක් ගෙයක් ගානේ ඇහෙනවා – විපක්ෂ නායක සජිත් කියයි

ගෙයක් ගෙයක් ගානේ ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව සාප කිරීම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (26) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට දිසාවේ අධිකරණ සංඝනායක තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, තිස්සමහාරාම මැණික් රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍යපාද තංගල්ලේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිතිකොටගෙන එම විහාරස්ථාන පරපරිශ්‍රයේ අභිනවයෙන් ධාතු මන්දිරයක් ඉදිකිරීම උදෙසා මුල් ගල් තබා වැඩ ආරම්භ කළ අවස්ථාවට එක්වෙමිනි. එහිදී විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ආණ්ඩුවට එරෙහි සාපය කුසගින්නෙන් දැවෙන ජනතාවගේ සාපය බවයි.

ඒ සාපය දරුවන් අඩන වේදනාව දරාගන්න බැරිව දෙමව්පියෝ හෙලන සාපය මෙන්ම ඒ සාපය අධ්‍යාපනය අහිමි වෙච්චි දරුවන් නගන සාපය බව හෙතෙම පැවසිය. ඒ සාපය රැකියා අහිමි වෙලා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගන්න වෙච්ච තරුණයින්ගේ සාපය බවත් ඒ සාපය අස්වැන්න පාළු වෙච්ච කුඹුරු දිහා බලාගෙන හූල්ලන ගොවියන්ගෙන් එන සාපය යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.

බයක් සැකක් නැතුව පැයක් විදුලිය දෙන්න බැරි තැනට මේ රට තල්ලු වෙමින් තියෙන බව පැවසූ විපක්ෂ නායකවරයා තව ටික දවසකින් අලුත් අවුරුද්ද ලබන බවත්, නමුත් අපේ රටේ සෞභාග්‍යයේ මාසය සමරන්න චීනෙන් හාල් ගෙන තැනට මේ රට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *