• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙදා හැරීමට බාධා කරන්න එපා -බලශක්ති හා විදුලි බල ඇමති ඉල්ලා සිටී

3 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ දෛනික ඉන්ධන ප්‍රවාහනයට වැඩි දායකත්වයක් පෞද්ගලික ඉන්ධන ටැංකි හිමියන්ගෙන් ලැබුනත් ඔවුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඉන්ධන ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රජයේ මිල ගණන් වලට එකඟතාවය පළ කරමින් ධාවනයේ යෙදෙන ඉන්ධන ටැංකි සඳහා බාධා නොකරන ලෙස අමාත්‍යවරයා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොට ගත්, “ආර්ථිකයේ අද සහ හෙට: ඇත්ත ඇති සැටියෙන්” මාධ්‍ය සංවාද මාලාවේ පළමුවැන්නට එක්වෙමින් කියා සිටියේය.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීම අයිතියක් නමුත් රජය යෝජනා කර ඇති මිල ගණන් වලට එකඟ වී, අද වෘත්තීය ක්‍රියාමාර්ග නොකළ, පෞද්ගලික හිමියන්ගේ ඉන්ධන ටැංකි, ඉන්ධන ප්‍රවාහනයට යොදවා තිබුන බවයි.

ප්‍රවාහනයට අඛණ්ඩ දායකත්වයක් වැඩි වශයෙන් සපයනුයේ පෞද්ගලික ඉන්ධන රථ මගින් බවත් පෞද්ගලික අංශයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද ප්‍රවාහනය කළ ඉන්ධන ටැංකි වලට යම් පුද්ගල කණ්ඩායම් විසින් බාධා පමුණුවා ඇති බව හෙතෙම පැවසිය.

ඛනිජ තෙල් සංස්ථාවේ රථ 86ක්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ රථ 100ක් පමණක් හා පෞද්ගලික හිමියන්ගේ රථ 20ක් පමණකුත් අද ඉන්ධන බෙදා හැරීමට දායක වු අතර මස 06ක කාලයක් තුළ ඛනිජ තෙල් සංස්ථාව, පෞද්ගලික අංශ ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 289ක් මාසයකට වැය කර ඇති අතර මාර්තු මාසයේ වැය කළ රු.ලක්ෂ 3259, අප්‍රේල් මස අවසාන වන විට රු.ලක්ෂ 4889ක් දක්වා වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

වෘත්තීය ක්‍රියාකරුවන්ගේ ඉල්ලීම් වලින් 84%ක් පමණ මිල ගණන් වලින් වෙනස් වී ඇති අතර මිල ගණන් වෙනස් වන විට එම මිල ගණන් සඳහා පාදක වන මිල සූත්‍රයක් ඇති අතර පසුගිය සංශෝධන තුළ 2021 ජූලි මස රු. 161.33 ක්ව පැවතී 13200 පහතරට ඉන්ධන ටැංකියක් සඳහා රජය දැන් එකඟ වී ඇති මුදල රු.295.61ක් අ.ර 19800ක ඉන්ධන ටැංකියක් සඳහා රු.222.02 සිට රු.394.46 වර්ධනයක් සහ 33000ක ඉන්ධන ටැංකිය 320.66 සිට 563.01 දක්වා වර්ධනය වී ඇති අතර කඳුකර ප්‍රදේශ වල මිල ගණන් රු.179.92-රු.305.81ක් සඳහා පසුගිය මාස 04 තුළ රජය එකඟ වී ඇත. රු.244.15-රු.408.10 දක්වා හා රු.334.60-රු.563.01 දක්වා වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා අනාවරණ කලේය.

ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන රථවල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන අතර එම රථ වල සේවය කරන පුද්ගලයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට හා නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා දැඩි ලෙස පවසා සිටියේය.

පසුගිය මාස කිහිපය තුළ පැවැති ඉන්ධන පෝලිම් දැන් ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති අතර දෛනික කටයුතු සඳහා අවශ්‍ය සියලු ඉන්ධන අවහිරතාවයකින් තොරව බෙදා හැරීමට රජය සියලු පාර්ශවයන්ගෙන් සහය බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 5
Previous Post

ජනතාවගේ ඉල්ලීම් පාවාදෙන්නේ කවුද, දැන් වටහා ගන්න පුළුවන් -විපක්ෂනායක

Next Post

පටු දේශපාලන අරමුණින් සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට සහාය දෙන්නේ නැහැ – වෘත්තිය සමිති නියෝජිතයින්

editor

editor

Next Post

පටු දේශපාලන අරමුණින් සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට සහාය දෙන්නේ නැහැ - වෘත්තිය සමිති නියෝජිතයින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved