නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය සඳහා පලමුව ආරධනා කරනු ලැබුවේ විපක්ෂනායක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඔබට බවත් එයට පිළිතුරු නොලැබුණ නිසා රනිල් වික්‍රමසිංහ මහතාව පත් කල බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස පළමුව ආරධනා කළේ, විපක්ෂ නායකවරයාට බවයි.
එසේම හිටපු අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරුත් විපක්ෂ නායකවරයා ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ජනාධිපතිවරයා පවසයි.
ඒ අනුව අනෙකුත් පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව එම ලිපිය මගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ජාතික අවශ්‍යතාවක් සේ සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරිමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරිමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දෙයි.