නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට දේශපාලන පක්ෂ රැසකගේ සහාය පල කර බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අගමැතිවරයාගේ සමීපතයෙකු පවසාසිටියේ හෙට දින එනම් 17 වනදා දින පාර්ලිමේන්තුව රැස්වන අතර ඊට ප්‍රථම පක්ෂ සියල්ලන්ගේම බහුතරක් සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. එසේම මේ වන විට පක්ෂවල ප්‍රධානීන් සමඟ මෙන්ම සියළුම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් පවතින අතර කෙසේ හෝ සහාය ලබා ගැනීම් සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.
මේ වන විට පවතින තත්ත්වය මත විදෙස් සබඳතා ඉතා අත්‍යවශ්‍ය බවත් එයට අවශ්‍ය කරන්නාවු සුදුසුම පුද්ගලයා රනිල් බව බොහෝ දෙනාගේ විශ්වාසය ඇති හෙයිනේ ඔහුට මේ භාරධුර කටයුත්ත කිරීමට සහාය පල කිරීමට කැමැත්ත පල කරනු ඇති බව දැනගන්නට ඇත.
එසේම රනිල් නම් දේශපාලඥයා හය වන වතාවටත් අගමැති ධුරය දරන්නෙකු හෙයින් සිය කාර්යය හරියාකාරව කිරීමට කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
කෙසේ වෙතත් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවල ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහය අගමැති රනිල්ට හට හිමි කර ගැනීමට යම් සාකච්ඡා සිදු කරන බව වාර්තා වේ. පක්ෂ නායකයින් මේ වන විට පත්ව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයක් හෙයින් එයින් ගොඩ ඒමට රනිල්ට සහය පල නොකලහොත් සිදුවන බැවින් සහාය පල කිරීමට කටයුතු කරනු ඇති බව දැනගන්නට ඇත.