27 April 2024
#දේශීය

චමුදිත එක්ක කරපු වැඩසටහන ඉවත් කරලා.. ජිවිත අවදානමක් නිසා බව උදයංග කියයි

තමා හදිසි අනතුරකට ලක් වූ හොත්, නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් තමා සොයා පැමිණීයොත් ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමා හා චමුදිත සමඟ කර තිබු විඩියෝ සාකච්ඡාව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට එම නාලිකාව කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් තම මුහුණ පොත හරහා අදාළ සාකච්ඡාව නැරඹීමේ හැකියාව පවතින බවත් එම වැඩසටහන තුළීන් තමා ජනාධිපතිවරයාව විවේචනයට ලක් බව ඔහු සඳහන් කර ඇත.

තම දෙමාපියන්ගේ සොහොන බේරා ගැනීමට නොහැකි පුද්ගලයෙකු රට කෙසේ ආරක්ෂා කරන්නේද යන්න ඔහු එම සාකච්ඡාවේදී පවසා ඇති වීමත් හා ජනාධිපතිවරයාම නොබියව විවේචනයට ලක් කිරීම මෙම බලපෑම්වලට හේතු වී ඇති බව ඔහු සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *