27 April 2024
#Uncategorised

මාතලේ අලුහුණු කර්මාන්තය බිද වැටේ

අලු හුණු සදහා විදේශ රටවලින් විවිධ ආදේශක මෙරටට ගෙන ඒමත් සමග මාතලේටම ආවේණික වු අලු හුණු කර්මාන්තය බිද වැටිමේ තත්වයක් උදාවි ඇති බව එම කර්මාන්තයෙහි නිරත පිරිස් පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින හුණු ගල් ආශ්‍රිතිව මෙම අලු හුණු කර්මාන්තය ආශ්‍රිතිව විශාල රැකියා සෘජු හා වක්‍ර ලෙස ඇති අතර මේ නිසා ඔවුන්ගේ රැකියාවන්ද අවදානමකට ලක්ව ඇති බව එම කර්මාන්ත කරුවෝ පවසයි.

විදේශ රටවලින් ගෙන එනු ලබන මෙම නිෂ්පාදන සදහා යම් සිමා පනවා මෙරටට ඇති දේශිය නිෂ්පාදන සදහා යම් වැඩපිලිවෙලක් සකස් කිරිමට අදාළ බලධාරින්ගේ අවධාය යොමු විම වැදගත් බවද ඔවුහු පෙන්වා දෙයි.

අලුහුණු කර්මාන්තය ආශ්‍රිතව ඉදිකිරිම් කෂේත්‍රය සදහා අතුරු නිෂ්පාදන සිදු කළ හැකි බවත් ඒ සදහා රාජ්‍ය අංශයේ නිසි මැදිහත්විම ලබා දිම වැදගත් බවත් පවතින කොරොනා තත්වය හමුවේ විදේශිය රටලිවන් ආනයනය සිමා විම නිසා මෙරටට නිෂ්පාදන සදහා ප්‍රමුඛතාවය ලබා දිම තුළින් මෙම කර්මාන්තය නගා සිටුවිමට හැකියාව ඇති බවද ඔවුහු පෙන්වා දෙයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *