• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අමානා තකාෆුල් අභියෝගාත්මක පරිසරයක් තුළ පළමු කාර්තුවේ ඉහළ අදායම් වර්ධනයක් වාර්තා කරයි

30 May 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තකාෆුල් රක්‍ෂණ සේවා සැපයුම්කරු වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, 2022 පළමු කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය හා වර්ධනයක් අත්කරගත් බව පසුගියදා වාර්තා කලේය.

එම කාර්තුව තුළ පසුගිය දෙවසර සාපේක්ෂව 42%ක වේගවයත් වර්ධනයක් සමඟින් සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන ( Gross Written Premium – GWP) ආදායම රුපියල් මිලියන 889 ක් වාර්තා කළේය.

මෙය 2021 වසර පුරාවට සමාගම විසින් හිමිකරගත් තාරක වර්ධනය හේතුවෙන් ඇතිකරගත් ජයග්‍රහණයක් වන අතර, එහිදී අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, ග්ලෝබල් ඉකොනොමික්ස් මඟින් පිරිනමනු ලැබූ “ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම” සඳහා වන සම්මානය ද ඇතුලුව ස්ථාවර සහ වේගවත් වර්ධනයක් හිමිකර ගැනීම සඳහා වන සම්මාන කිහිපයක් දිනාගැනීමටද සමත් විය.

පසුගිය දෙවසර සාපේක්ෂව 2022 වර්ෂයේ පළමු කාර්තුව තුළ අත්කරගත් 42%ක වර්ධනය, 2021 වසරේ පළමු කාර්තුව හා සැසැඳීමේදී 27%කට අධික වර්ධනයක් වාර්තා කිරීමක් වන අතර, මෙමඟින් පසුගිය වසර දෙකක කාලය තුළ සමාගමක් විදිහට අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සුවිසල් වර්ධනයන් මෙමඟින් සනිටුහන් කරනු ලබයි. තවද දේශීය රක්ෂණ කර්මාන්තය තුළ ඉහළ සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් වීම ද අමානා තකාෆුල් හි විශිෂ්ඨත්වය මැනවින් සනාථ කරනු ලබන්නකි.

අමානා තකාෆුල් හි 2022 වසරේ පළමු කාර්තුව තුළ මෝටර් රථ රක්ෂණ අංශයේ සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධනය 50%ක ප්‍රමාණයකින් ඉහළ ගිය අතර, මෝටර් නොවන අංශයේ සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධනය 34%ක වර්ධනයන් සනිටුහන් කලේය. මෙහිදී මෝටර් නොවන කාණ්ඩයේ, වෛද්‍ය, නාවුක සහ ගිනි සහ ඉංජිනේරු රක්ෂණය පිළිවෙළින් 47%, 18% සහ 12% සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන වර්ධන ප්‍රතිශතයක් වාර්තා කර ඇත. මෙලෙස රක්ෂණ ක්ෂේත්‍රයේ සෑම අංශයකම පාහේ වර්ධනයක් ඇතිකරගනිමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් අත්කරගත මෙම අද්විතීය ජයග්‍රහණ එහි අද්විතීය සහ ජනතා හිතකාමී තකාෆුල් රක්ෂණ විසඳුම් සඳහා වූ මනා සාක්ෂියක්ද වේ.

සමාගමේ මෙම සුවිශේෂී කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් පැවසූයේ, “2021 වසර අපට විශිෂ්ඨ වසරක් වුනා වගේම මේ වසරේ පළමු කාර්තුවේ හිමිකරගත් ප්‍රතිඵලත් එක්ක අපට මේ වසරේදීත් එම අපේක්ෂාවන් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් 2021 වසරේ ජනවාරි මාසය තුළ නැවුම් වූ අනන්‍යතාවයක් සහිතව අපගේ මෙහෙයුම් කාර්යයන් දියත් කිරීමෙන් පසුව පසුගිය කාර්තු දෙක තුළ ඉහළම සාමාන්‍ය රක්ෂණ විකුණුම් කාර්යසාධන ප්‍රතිශතයක් වාර්තා කිරීමට අපට හැකිවුනා. ඒ වගේම 2021 වසරේ සිට අප රක්ෂණ කර්මාන්තය තුළ ශක්තිමත් වර්ධන අනුපාතයක් ඇතිකර ගනිමින් ඉහළින්ම සිටීමට හැකිවීම අපේ කොටස් වෙ‍ෙළඳපොළ ඉල්ලුම වර්ධනය කිරීමටත් සමත්වූ බව සදහන් කරන්නේ ඉතාමත් සතුටින්. මීට අමතරව මෝටර් රථ රක්‍ෂණ අංශය වෙනුවෙන් අප කරනු ලැබූ කාර්යයන්ද සාර්ථකත්වය පවත් ඇති අතර, එහිදී 50% ක තාරක වර්ධනයක් ලබා ගැනීමට සමත් වී තිබීමත් සුවිශේෂ තත්වයක්. ඒ නිසා ඉදිරියේදී මේ අංශය අපගේ උපායමාර්ගික කාර්යයේ තීරණාත්මක අංශයක් වනු ඇත.”

එමෙන්ම 2021 වසරේදී අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සිය ශාඛා ජාලය හරහා බෙදාහැරීමේ උපාය මාර්ග අංශයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කාර්යයක් සිදු කලේය. මෙහි ධනාත්මක ප්‍රතිඵල අත්කර දෙමින් මෙම කාර්තුව සඳහා ශාඛා ජාලය 22% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වු අතර, 2022 මාර්තු මාසයේදී සමාගමේ සර්වකාලීන විකුණුම් වාර්තාවක් පවා තැබීමට සමත් විය. මෙම ධනාත්මක සංවර්ධන කාර්යය සම්බන්ධයෙන් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා විකුණුම් බෙදාහැරීම්) සකීර් කනකා මහතා අදහස් දක්වමින් පැවසූයේ, “අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වයක් තුළ වුවන් 2022 වසරේ පළමු කාර්තුව තළදී අපට ව්‍යාපාරික කාණ්ඩ තුන (මෝටර්, මෝටර් නොවන සහ වෛද්‍ය) යටතේම සැළකිය යුතු වර්ධණයක් අත්කර ගැනීමට හැකිවුනා. මේ ජයග්‍රහනයට අපගේ අළෙවි කණ්ඩායම සිදුකළ ඵලදායිතා වර්ධනය සහ සම්පත් ප්‍රශස්ථකරණය බෙහෙවින් ඉවහල්වුනා. විශේෂයෙන් මේ අභියෝගාත්මක කාල සීමාවේ මෙම ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගැනීමට අපගේ සමස්ත අළෙවි බලකාය සහ මෙහෙයුම් කණ්ඩායම සිදුකළ කැපවීම සිහිපත් කළයුතුයි.”

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

පිටපත – PR

Post Views: 8
Previous Post

උතුරේ ධීවරයින්ට ඉන්ධන ලබාදීමට වැඩ පිළිවෙලක් සකස් කරනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් කියයි

Next Post

දියුණු රටවල අධ්‍යාපන කාර්ය සාධනය මනින්නේ සිසුන්ගෙන් නොව ගුරුවරුන්ගෙනි – අධ්‍යාපන ඇමැති සුසිල්

editor

editor

Next Post

දියුණු රටවල අධ්‍යාපන කාර්ය සාධනය මනින්නේ සිසුන්ගෙන් නොව ගුරුවරුන්ගෙනි - අධ්‍යාපන ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved