ඉහළ අධ්‍යාපන මට්ටමක් පවතින රටවල අධ්‍යාපනයේ කාර්ය සාධනය මනිනු ලබන්නේ දරුවන්ගෙන් නොව ගුරුවරුන්ගෙන් බවත් ගුරු භූමිකාවේ වගවීම නිරතුරු ව ම ප්රශස්ත මට්ටමකින් පැවතිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විවිධ දෙපාර්තමේන්තු, ආයතන, සේවා අංශ, ශාඛා, ඒකක, අතර නැවතත් මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් සේවාවන් කාර්යක්ෂ්ම ව හා ඵලදායිව පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයන් පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී පැවති මේ වැඩසටහනේ දීය.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අතපසු වී ඇති සිසු අධ්‍යාපනය යථාවත් කර සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය සාමාන්‍ය තත්වයට පත් කිරීම උදෙසා අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ජාතික අධ්‍යාපන ආයතනයේ මාණ්ඩලික නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙම වැඩසටහනට අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් උපාලි සේදර, මහාචාර්ය ගුණපාල නානායක්කාර , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් රැසක් සහභාගී වූහ.