• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා සහිත දරුවන් හට මැලිබන් සමාගමෙන් දිරියක්

12 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය.

ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුනගේ පෝෂණ තත්වය උසස් කිරීමේ කාර්යයෙන් නොනැවතී විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දක්ෂතා සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇත.

අඛණ්ඩව සිදුකරනු ලබන එම සමාජ සත්කාරය යටතේ අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා ඇති, නමුත් විවිධ වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපන අරමුණු සපුරා ගැනීමේ ගැටළුවට මුහණ පා සිටින දරුවන්ගෙන් තෝරාගත් අති දක්ෂ දරුවන් රැසකට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එම දරුවන්ගේ දිරියට අත්වැලක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගත අරමුණු අපේක්ෂාවන් සපුරා ගැනිමට ශක්තියක් වීමේ අරමුණින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය පරිශ්‍රය ඉදිරිපිට දී සිදුකරනු ලැබූ මෙම අවස්ථාව සඳහා අනුරධපුර දිස්ත්‍රික් ලේකම් ගරු ජනක ජයසුන්දර සහ මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ජී. සේනාරත්න යන මහත්වරුන්, මැලිබන් සමාගමේ නියෝජිත මහත්වරුන් සහ දරුවන්ගේ දෙමාපියන් සහ සැදැහැතියන් විශාල ප්‍රමාණයක් ද සහභාගී විය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් සමාගමේ කලාපීය වෙළෙඳ කළමනාකාර නිශාන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, ” ජනතාව සමඟ එක්ව වර්ධනය වූ සන්නාමයක් විදිහට මැලිබන්, ශ්‍රී ලාංකීය සෑම දරුවෙකු වෙතම සාර්ථක අධ්‍යාපනයක් ලැබිය යුතුය යන අපේක්ෂාවේ සිටින, එම අපේක්ෂාව යතාර්ථයක් කර ගැනීමට නිරන්තරව කැපවෙන ආයතනයක්. එහිදී ආයතනයක් විදිහට අපි එවැනි සාර්ථක අධ්‍යාපනයක් ලැබීමේ දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් සුවිශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කරනවා.

ඒ වැඩසටහන් මාලාවේ එක් අංගයක් විදිහට තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන වල අධ්‍යාපනය ලබන, උපකාරයක් අවශ්‍ය, දක්ෂතා සහිත දරුවන් සොයගෙන ගොස් ඔවුන් හඳුනාගෙන මෙම උපකාරය කිරීමට යොමු වුනේ. මෙම කාර්යයේ දී මූලිකම වගේම දුෂ්කරම කාර්යය වන උපකාර අවශ්‍ය දරුවන් හඳුනා ගැනීමේදී අපට සහාය වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි විවිධ ආයතන වල සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සහ ස්වේච්ඡාවෙන් මෙම කාර්යය සමඟ එක්වූ සියලුම දෙනා වෙත මැලිබන් සමාගමේ ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අද වන විට පවතින දුෂ්කර තත්වය යටතේ දෙමාපියන් වෙත කිසියම් සහනයක් වෙමින්, දරුවන් හට පත්නරයක් ලබාදීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී විවිධ ප්‍රදේශ රැසක දරුවන් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මැලිබන් සමාගම විදිහට අපි අපේක්ෂා කරනවා. වර්තමානයේ නිර්මාණය වී තිබෙන අර්බුධකාරී තත්ත්වය යටතේ ආයතනයක් විදිහට අපි විවිධ වූ අසීරුතාවලට මුහුණ දුන්නත්, ජාතික වගකීමක් ඇති ආයතනයක් විදිහට රටේ සහ සමාජයේ සුබසිද්ධිය වෙනුවෙන් අප සතු වකිම් ඉටු කිරීමට අප නිරන්තව මූලිකත්වය ලබා දෙන බව මෙහිදී පැවසිය යුතුයි.”

මෙම සුවිශේෂී ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහනට සමගාමීව එම සමාගම විසින් පොසොන් පෝය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුරය වෙත පැමිණෙන අති මහත් වූ වන්දනාකරුවන් වෙනුවෙන් රෝද පුටු සත්කාරක වැඩසටහනක් සහ මැල්බන් බිස්කට් සහ තේ පැන් දන්සලක් ද සංවිධානය කරනු ලැබීය. එහිදී එම ආයතන විසින් ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසු වූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන දෙක අතර එම රෝද පුටු සත්කාර සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දීම සුවිශේෂී කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කර ගනිමින් දිගු කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

 

 

පිටපත – PR

 

Maliban supports the future generation of schoolchildren in Anuradhapura

Maliban Biscuit Company launched another program in the series of Maliban Yahagunaye Uttama Pranama programs, centered in Anuradhapura.

The Maliban Biscuit Company has been constantly committed to strengthening the lives and futures of Sri Lankan children. A noteworthy mission has been put forward to identify gifted children with various difficulties who do not meet the task of improving their nutritional needs and providing quality education. The objective of this program is to provide children with the necessary support to succeed in their educational journey.

A program was recently implemented as a part of the ongoing social care to distribute essential school supplies to gifted children in Anuradhapura who were unable to achieve their educational goals since they are suffering from various difficulties. This event was held in front of Anuradhapura Jaya Sri Maha Bodhi Premises in the presence of Anuradhapura’s District Secretary, Hon. Mr. R. M. G. Senaratne, representatives of the Maliban Company, children’s parents, and a large number of devotees.

Commenting on the occasion, Maliban’s Regional Sales Manager Mr. Nishantha Karunarathna stated that Maliban, as a brand that has grown with the people, hopes every Sri Lankan child receives a successful education. Maliban is an organization that is dedicated to bringing that dream to fruition.

“We have launched numerous programs to encourage children who are struggling to meet their goals, particularly those who suffer various difficulties. Moreover, we have identified children in remote villages of the Anuradhapura district who are seeking educational support. I take this opportunity to express my gratitude to all the officers of various institutions, Anuradhapura District Secretariat, and Divisional Secretariat, who assisted us in identifying children who require help, which is the most basic but most challenging task during the project, and to all those who voluntarily joined us on behalf of the Maliban Company. In addition to that, Maliban wishes to continue implementing this program for children in various areas in the future, to provide relief to parents in the current challenging situation. Despite the current situation of the country, we strongly believe that our priority is to fulfill our responsibilities for the welfare of the country and society”.

Maliban Yahagunayen Uttama Pranam program, the company offered Maliban Biscuits and Tea Dansala for a significant number of pilgrims who came to Anuradhapura on Poson Poya Day. Along with this the company also organized a wheelchair service; the Maliban team implemented the care services between the two sacred places for the elderly and disabled pilgrims who had difficulties seeing Sri Maha Bodhi and Ruwanweli Maha Saya. Maliban team wishes to continue this precious initiative to continue its objective of inspiring goodness.

 

Post Views: 0
Previous Post

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට

Next Post

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්න – මන්ත්‍රී ඉන්දික

editor

editor

Next Post

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්න - මන්ත්‍රී ඉන්දික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved