• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි

23 August 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී.

තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. කෙසේ නමුත් වර්තමානයේ රට තුළ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් මෙම කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන්, ක්ෂේත්‍රයට තිරසාර බලශක්ති විසඳුම් ලබාදීමට DFCC බැංකුව සහ SLASSCOM එක්ව කටයුතු කරනු ඇති අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එවැනි බලශක්ති විසඳුම් සඳහා විශේෂ මූල්‍ය සේවාවන්, සහනදායී ගාස්තු සහ වෙනත් විශේෂ ප්‍රතිලාභ හඳුන්වා දීමට දෙපාර්ශ්වයට බලාපොරොත්තු වෙයි. සමාගම් 420 කට අධික සංඛ්‍යාවක 115,000 කට අධික පිරිසක් SLASSCOM හි සාමාජිකත්වය දරන අතර, මෙරට IT/BPM අපනයන ආදායමෙන් 90% ක් පමණ ලැබෙනුයේ එම සාමාජික සමාගම් වල ව්‍යාපාර කටයුතු වලිනි.

මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තැබිණි. DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම වැඩපිළිවෙළහි කාලෝචිත බව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය. “මෙම ක්ෂේත්‍රය සඳහා තිරසාර, විශ්වාසනීය සහ ප්‍රමාණවත් බලශක්ති උත්පාදන හැකියාවන් නිර්මාණය කිරීම මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍යයි. එම නිසා, කර්මාන්තයට ස්ථාවර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා අප SLASSCOM සමඟ අත්වැල් බැඳගත්තා. මෙම හවුල්කාරීත්වය යටතේ SLASSCOM සාමාජික ආයතන වලට තිරසාර බලශක්ති උත්පාදන ව්‍යපෘති සඳහා විශේෂ අනුපාත සහ ප්‍රතිලාභ සහිත මූල්‍ය පහසුකම් DFCC බැංකුව වෙතින් ලබාගැනීමට හැකිවනවා. මෙය අපගේ තිරසාරත්ව ක්‍රමෝපායේ තවත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. 1988 වසරේ සිටම අප මෙරට තිරසාර හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සපයන පුරෝගාමී ආයතනයක් ලෙස ඉදිරියෙන්ම සිටිනවා. අද දිනයේ මෙලෙස ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්‍රයක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට සතුටක්. රටට වඩාත් තිරසාර අනාගතයක් උදාකර දීමට නම්, මේ ආකාරයට පරිසර දූෂණය අවම වන පරිදි බලශක්තිය උත්පාදනය කිරීම් දිරිගැන්වීම අත්‍යවශ්‍යයි.”

1988 වසරේදී ශ්‍රී ලංකාවේ PV මොඩියුල එකලස් කරන කර්මාන්ත ශාලාවක් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනයට අත්වැලක් වීමේ පුරෝගාමී මෙහෙවර ආරම්භ කළේ ය. ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ ප්‍රථම පෞද්ගලික කුඩා ජලවිදුලි ව්‍යාපෘතිය මෙන්ම සුළං, සූර්ය සහ අපද්‍රව්‍ය-බලශක්තිය ව්‍යාපෘති සහ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඒකාබද්ධ තාප බල ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රාශියකට DFCC බැංකුව අරමුදල් සම්පාදනය කර තිබේ. තවද වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති රාශියක් සඳහා බැංකුව අරමුදල් සපයා ඇති අතර, 1997 වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් හඳුන්වා දීමටද පුරෝගාමී විය. එය අද දක්වාම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන සඳහා අදාළ වන ව්‍යාපෘතියේ මූලික පදනම ලෙස සැලකේ.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLASSCOM උප සභාපති අෂීක් අලි මහතා මෙසේ පැවසී ය. “IT/BPM ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකක්. 2021 වසරේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායමක් ලැබූ අතර, 2025 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම විදේශ විනිමය වලින් වැඩි ප්‍රතිශතයක් සේවකයන්ට වැටුප් ලෙස ගෙවනු ලබන නිසා ඒවා රට තුළම රැඳෙනවා. මෙම ක්ෂේත්‍රය පසුගිය කාලයේ COVID-19 රෝග ව්‍යාප්තියට මෙන්ම ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදයටත් හොඳින් මුහුණ දෙමින් සිටින ක්ෂේත්‍රයක්. අපගේ අපනයන කටයුතු වර්ධනය වෙමින් පවතින අතර, නම්‍යශීලී රාජකාරි ක්‍රමවේද ඔස්සේ ජාත්‍යන්තර සේවාදායකයන් සහ ආයෝජකයන් වෙනුවෙන් තම වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමට ක්ෂේත්‍රය සමත් වුණා. මේ වනවිට පවතින විදුලි කප්පාදුවට පිළියමක් වශයෙන්, සූර්ය බලශක්තිය වෙත යොමුවීමට සමාගම් සහ කාර්ය මණ්ඩල දිරිගැන්වීමට ක්ෂේත්‍රය පියවර ගෙන තිබෙනවා. එලෙස පුළුල් මට්ටමින් සූර්ය බලශක්තිය භාවිතයට ගැනීමට හැකි නම්, එමගින් ජාතික විදුලි බල පද්ධතිය මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම වන අතරම, ඉන්ධන ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන මුදල් ඉතිරි කරගැනීමට දායක වීමටත් හැකි වේවි. SLASSCOM හි දැක්ම වන්නේ ශ්‍රී ලංකාව IT/BPM ක්ෂේත්‍රය සම්බන්ධ හරිත ගමනාන්තයක් බවට පත්කිරීමයි. තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීම සහ සේවක සේවිකාවන්ගේ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමුකිරීම තුළින් අපගේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීම වඩාත් පහසු වනවා. එම නිසා, කර්මාන්තය නියෝජනය කරන ප්‍රධානතම ආයතනය වශයෙන්, සූර්ය බලශක්ති උත්පාදනය සහ බලශක්ති ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් ක්ෂේත්‍රයට තිරසාර මූල්‍ය පහසුකම් සැපයීම සඳහා DFCC බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.”

DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපාය ඔස්සේ සියල්ලන්ටම ශක්තිමත් ලෙස අභියෝග වලට මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. මෙම ක්‍රමෝපාය 2020 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, ඉදිරි දශකය තුළ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඉහළම වටිනාකම් නිර්මාණය කරමින්, මෙරට වඩාත්ම තිරසාර හා ශක්තිමත් බැංකුවක් බවට පත්වීමේ අරමුණිනි.

Post Views: 6
Previous Post

කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

Next Post

නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි – ඇමැති සුසිල්

editor

editor

Next Post

නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved