• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF එකට යන්න එපා කියන කාටවත් විකල්ප වැඩපිළිවෙළක් නෑ – මන්ත්‍රී ජගත්

2 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

IMF සමඟ ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කරන කිසිදු අයෙකුට ගෑස්, තෙල් සහ ජනතාව පත්වී තිබෙන දුෂ්කරතාවලින් මුදවා ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, “අපි දීර්ඝකාලයක් බලාපොරොත්තු වුණා රටට ඩොලර් ආදායම වැඩි කිරීමට. මේ වන විට ඩොලර් ආදායම් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සාකච්ඡා කළා. අපි අමාරුකම් මධ්‍යයේ වුවද විවිධ හැලහැප්පිම් ඔස්සේ IMF සාකච්ඡා සඳහා සහභාගි වුණා. මාස කිහිපයක් තිස්සේ ඇති වෙච්ච සාක්ඡාවේ ප්‍රතිපලයක් ලෙස ඩොලර් බිලියන 2.9 ණයක් ලබා දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද වන විට එකඟතාවයකට පත්වුණා. සමහරු මෙයින් කිඹුල්ලෝ දකින්න හදනවා‍. සමහර පිරිස් කියනවා මෙය වැඩක් ඇති දෙයක් නොවේ කියලා. මීට වඩා වැඩි ගාණක් ඉන්දියාවෙන් පහුගිය කාලයේ අපිට ලැබුණා කියලා. අපට මේ තියෙන තත්වයෙන් ගොඩ එන්න ප්‍රමාණවත් නෑ. නමුත් මේ ණය මුදල් ලබාදීමට එකඟවන්නේ විවිධ කොන්දේසි දමමින්. ඒ කොන්දේසි අපිට සපුරන්න පහසු නෑ. රට ගැන හිතන කොට මේ කොන්දේසි වලට යන එකේදී යම් පාර්ශවල විවේචන තිබෙනවා. IMF එකට යන්න එපා කියන කාටවත් රටට ඩොලර් ආදායම ගෙන ඒම, ගෑස් ටික , තෙල් ටික ගේන්නත්, ජනතාව පත්වෙලා තිබෙන පිඩාවලින් මුදවා ගන්න වෙන විකල්ප වැඩපිළිවෙළක් නෑ. යෝජනාවක් නැතිව කියනවා මේ සඳහා යන්න එපා කියලා. ඒ හරහා මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඒ ණය ගෙවීමට කාලය ලබා ගැනීමේ වැඩපිළිවෙළකට යන්නේ නැත්නම් අවසානයේ සිදු වන්නේ එක් පැත්තකින් අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා කිසිම රටකින් උදව් කරන්නේ නැති වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික දෙන්න බැරිව විශාල පිඩාවකට රටම පත්වෙනවා. අපිට සිදුවෙලා තිබෙනවා ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය , ආහාර ලබා දෙන්න IMF ණයක් ලබා ගන්න. ශ්‍රී ලංකාවට ආධාර කරන්න ඕනම රටකට පුළුවන්. ණයක් දෙන්න පුළුවන්. ණයක් ගෙවීමේ වැඩපිළිවෙළකට දැන් එකගතාවයක් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. ජනතාව තලා පෙලා විනාශ කරන්නේ නැතිව ජනතාවට යම් මට්ටමකට සුබවාදි කරුණු කියලා සමස්ථයක් විදිහට රටට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළකට යනවා. ඒ නිසා IMF කොන්දේසි සියයට සියක් පහසුයි , සාධාරණයි කියන්නේ නෑ. නමුත් මේ අවස්ථාවේ ඒ තැනට යන්න සිදුවෙලා තිබෙනවා. මේ ණය අරගෙන ගෙවන්න වැඩපිළිවෙළක් සහ අලාභ ලබන ආයතනක ලාභ ලබන තැනකට ගේන්න රට සූදානම්.
ඒ වගේම ඊයේ පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා මැතිතුමා විවිධ හේතු කියනවා. ඔවුන්ට කවදාවත් ජනතාව පත්වෙලා තිබෙන දුක, පිඩාව ගැන හැඟිමක් නෑ. ඔවුන් කිඹුල් කඳුළු හලමින් විදේශීය ශ්‍රමිකයන්ට කියනවා ආණ්ඩුවට ඩොලර් එකක්වත් එවන්න එපා කියලා. එතුමා ප්‍රකාශ කරනවා බඩගින්නේ හිටියත් මුදල් එවන්න එපා කියලා. එතුමාලා බඩගින්නේ මැරෙන්නෙත් නෑ. එතුමාලාට ඇතිවෙන්න හම්බ කරලා තිබෙනවා. එතුමාලාට මුකුත් වෙන්නේ නෑ. හැබැයි ගෑස් ටික, තෙල් ටික නැතිවුණොත් අත්‍යවශ්‍ය දේවල් නැති වුණොත්, ඖෂධ ටික නැති වුණොත් පිඩාවට පත්වෙන්නේ මේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවයි. ඒ නිසා පිටරට ඉන්න, අමාරුවෙන් ආදායම් සොයන සහෝදරයින්ට කියන්න කැමති ඔබ ඩොලර් එව්වේ නැති වුණොත් අපහසුතාවයට පත් වෙන්නේ ලංකාවේ සිටින ඔබේ හිතවතුන්. ඒ අයට අවශ්‍ය ගෑස් ටික, තෙල් ටික ලබා දෙන්න ඩොලර් භාවිතා කළයුතුයි. ආණ්ඩුව විසින් මංකොල්ල කනවා නොවේ. ආණඩුව ඩොලර් පාවිච්චි කරලා පිටරටින් ගේන්න ඕන ආනයන දේවල් ටික ගේනවා. මේ එක එක දේශපාලකයන්ගේ ඕනැකම් මත වැඩ කරන්න එපා. සරත් ෆොන්සේකා හෝ විපක්ෂයේ කාටහරි වැඩපිළිවෙළක් තියෙනවානම් ආණ්ඩුව අරගෙන කරන විදිහක් තිබෙනවා නම් කමක් නෑ. නමුත් එහෙම කිසිම වැඩපිළිවෙළක් නැතිව විවේචනය පමණයි සදාකාලිකව කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා කුහක පටු දේශපාලන අරමුණු අහිංසක ජනතාව බිල්ලට තියලා ලබා ගන්න උත්සහ කරන්න එපා. ජනතාව එවන මුදල්වලට රජය වගකියන අතරම අනෙක් පැත්තෙන් ඒවා නැවත ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම එරාන් වික්‍රමරත්න මහතා කියනවා සමෟද්ධි ඇතුළු සහනධාර ලබාදීමේ 50% වැරදි අයට ලබාදිලා තිබෙන්නේ කියලා. අපි ඉතාම පැහැදිලිව කියනවා පහුගිය යහපාලනයේ ඇමතිවරයෙක් විදිහට එරාන් වික්‍රමරත්න හිටපු ආණ්ඩුව ඇතුළේ ඝෘජුවම සුදුසුකම් නැති අයට සහනාධාර ලබා දුන්නා. ඇත්තටම දුප්පත් අමාරුකම් තියෙන අය තවමත් සහනාධාර නැතිව ඉන්නවා. ඒ අයට දිය යුතුයි. හැබැයි එතුමාගේ ආණ්ඩුවෙන් ගත්ත වැරදි තීන්දු නිසා තමයි අද නුසුදුස්සෝ ඉන්නේ. සුදුසු තැනට දෙන්න ඕන සහ නුසුදුස්සෝ අයින් කරන්න ඕන. ඒ නිසා ඒවා නිවැරදි කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් හදලා පක්ෂ විපක්ෂ එකඟ වෙන ඉස්සරහට යන වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒ හරහා තමයි ජාතිය ගොඩගන්න පුළුවන් වෙන්නේ. අපේ රට ගොඩගන්න සියලු දෙනා අත්වැල් බැඳගෙන සර්ව පාක්ෂික එකගතාවක් හෝ සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හරහා මේ ජාතිය නැවත ගොඩ නගමු කියලා ඉල්ලා සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදි සඳහන් කළේය.

 

 

Post Views: 0
Previous Post

ක්‍රීඩා අරමුදලෙන් මුදල් වෙන් කිරීමට වට්ස්ඇප්වලින් -අමාත්‍ය රොෂාන්

Next Post

රනිල් ජනපති වෙන්න පුළුවන්නම් ඇයි අපිට බැරි ! මෛත්‍රිපාල සිරිසේන

editor

editor

Next Post

රනිල් ජනපති වෙන්න පුළුවන්නම් ඇයි අපිට බැරි ! මෛත්‍රිපාල සිරිසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved