ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට අවතීර්ණ වූ පසු ඒ පිළිබඳ විස්තර, අදාළ කමිටුවල දී ලබා දීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේ දැනට එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණක් තිබෙන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් පිළිබඳ ප්රශ්නය කිහිප වතාවක් ම පාර්ලිමේන්තුවේදී විමසූ බවද ඒ සම්බන්ධයෙන් සභානායකවරයාද, මුදල් අමාත්‍යංශයද පිළිතුරු දුන් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමින් ඇති කර ගත් ගිවිසුම පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.