• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න -අමාත්‍ය රොෂාන්

26 October 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

70 දශකයේ සිට මේ දක්වා තරුණයා සිතන පතන ආකාරය ඉතා හොඳින් වටහා ගත යුතු බවත් අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නයැයි නියෝග කරන බව වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන උපාය මාර්ගික වැඩසටහන “අනාගත තාරුණ්‍ය සඳහා වූ ඒකාබද්ධ ප්‍රවේශය” ජාතික වැඩපිළිවෙල එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පලකලේය ” පසුගිය කාලයේ රටේ තාරුණ්‍ය එකතු වී පක්ෂ දේශපාලනයෙන් තොර ව සිදුකළ අරගලය ක්‍රමයේ වෙනසක් සමගින් මේ රට ගොඩනගන්න කරපු ආරාධනයක්.  මම විශ්වාස කරන ආකාරයට ඇහුම්කම් දීම ඉතා වැදගත්. සෑම ක්ෂේත්‍රයකම ප්‍රශ්න ගැටලු තිබෙනවා. තාරුණ්‍යයේත් ප්‍රශ්න තිබෙනවා. අපි සියලු දෙනාටම එහා ගිය ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා. පීඩනයට පත් වී අනාගතය පිළිබඳ අස්ථාවර තත්ත්වයට පත්ව ඇති තරුණයන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න අපි සූදානම්. ඒ සඳහා විසඳුම් ලබා දෙනවා. තරුණයන් වෙනුවෙන් ඇති අපගේ සියලුම ආයතන නොවැම්බර් පළමු දින සිට දින 7 පුරාම විවෘතව තබන ලෙසත්, ඒවාහි ඇති සියලුම සම්පත් තාරුණ්‍යය වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙසත් මම අද නියෝග කරනවා. අද අපි ඉදිරිපත් කරන අනාගත තාරුණ්‍ය සඳහා වූ ඒකාබද්ධ ප්‍රවේශයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා ලෙස ජාතික තරුණ සේවා සභාව කටයුතු කරනවා. සියලුම අමාත්‍යාංශ ආයතන ඒකාබද්ධ කර ගනිමින් තාරුණ්‍ය වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ඔවුන් සතු කාර්යභාරයයි. අනාගතය පිළිබඳ සැලැස්මක් නොමැති තාරුණ්‍යය සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම වැඩසටහන හරහා සිදුවනවා. සාම්ප්‍රදායිකත්වයෙන් මිදී වර්තමාන තාරුණ්‍ය ආමන්ත්‍රණය කිරීමට අප නිලධාරීන් සූදානම් විය යුතුයි. පාසලේ සිටම නව යොවුන් තරුණ තරුණියන් අප සමග එකතු කර ගනිමින් ඔවුන්ට නිසි මාර්ගය පෙන්වීම අප සැමගේ වගකීමක්.මහරගම ජාතික තරුණ සේවා සභාවේ සේවාවන් ලබාගැනීමට දිස්ත්‍රික්ක 25 ම තරුණ තරුණියන්ට අවස්ථාව ලැබිය යුතුයි. ඒ සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල තරුණ සේවා නිලධාරීන් කටයුතු කළ යුතුයි. තරගකාරී ක්‍රමවේදයක් ඔස්සේ තම දිස්ත්‍රික්කයේ තරුණයින් ජාතික මට්ටමට ගෙන ඒම ඔවුන්ගේ වගකීම වෙනවා. අලුතින්ම පිහිටුවීමට නියමිත ප්‍රාදේශීය තරුණ සේවා කමිටුව, දිස්ත්‍රික තරුණ සේවා කමිටුව, පළාත් තරුණ සේවා කමිටුව යන කමිටු ජාතික තරුණ සේවා සභාව සමග ඒකාබද්ධව කටයුතු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරනවා.  නව චක්‍රලේඛයක් හරහා මෙම කමිටු කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්තුමාට මේ මොහොතේදී උපදෙස් ලබා දෙනවා.  මෙම කමිටු හරහා තාරුණ්‍යය සම්බන්ධ වටිනා තීන්දු තීරණ ගැනීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.මෙම ඒකාබද්ධ ප්‍රවේශය සදහා වාරිමාර්ග,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් පෙරමුණ, කුඩා ව්‍යාපාර අංශය, මහවැලි අධිකාරිය පාර්ශවකරුවන් වශයෙන් කටයුතු කරනවා. වාර්ෂිකව තරුණ තරුණියන් ලක්ෂ 3 කගේ අනාගතය භාර ගැනීමට අප සියලුම දෙනා වගකීමෙන් කටයුතු කරමු. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට, නිපුණත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහි කිරීමට “අනාගත තාරුණ්‍යය සදහා වූ ඒකාබද්ධ ප්‍රවේශය” මගින් කටයුතු කරමු. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, අතිරේක ලේකම් සමන් වඩුගේ, සැළසුම් අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේන, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක යන මහත්වරුන් ඇතුලු දිස්ත්‍රික් 25 ම තරුණ සේවා නිළධාරීන් සහභාගී වී සිටියහ.

Post Views: 1
Previous Post

දරුවන්ට ඖෂධ නෑ… හැබැයි ආණ්ඩුව මැති ඇමති සූදුවේ – විපක්ෂනායක සජිත්

Next Post

කුමන ක්ෂේත්‍රයට විකල්ප තිබුණද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නෑ -සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

කුමන ක්ෂේත්‍රයට විකල්ප තිබුණද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නෑ -සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved