• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්වන්න -ජනපති

15 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රීක් වැඩසටහනට අද (15) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , ආහාර සුරක්ෂිතතා වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අදහස් දැක්වීම ගැන මම සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. ආහාර සුරක්ෂිතා වැඩසටහන අපි ආරම්භ කළේ රටේ පොහොර සහ ඉන්ධන හිඟයක් මතුව තිබූ අවස්ථාවක. ඒ වගේම කිසිදු රටක් අපට ණය ලබා නොදෙන අවස්ථාවක. 2023 වසරේ දී ආහාර හිඟයක් ඇති වීමට ඉඩ කඩ තිබෙනවා. ඊට මුහුණදීම සඳහා තමයි අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ. මෙම වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සමාලෝචනයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නැවත සිදුකරන්න කියලා මම යෝජනා කරනවා. මෙහිදී අලුත් දත්ත ලැබෙන්න පුළුවන්. ඒ අනුව අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යමු. මෙම වැඩසටහන 2023න් පසුව අවසන් වන්නේ නැහැ. අපි එය ඉදිරියටත් පවත්වාගෙන යනවා. ප්‍රාදේශීය සභාවල එක් එක් දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයන් ඉන්නවා. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ හෝ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දීමට අපට හැකි වී තිබෙනවා. මෙවර මහ කන්නය සාර්ථකවීමත් සමඟ ඉදිරියේදී අපට සහල් අතිරික්තයක් ලැබෙනවා. එහිදී මතුවිය හැකි ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටළු අප හඳුනාගෙන තිබෙනවා. එම ගැටල් විසඳීමටත් අපි කටයුතු කරනවා. ඒ අතරම වීවලට පාලන මිලක් නියම කිරීමටත් අපි පියවර ගන්නවා. බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය දියුණු කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, තේනුක විදානගමගේ, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවෙල්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

රජයේ ආයතන හා මූල්‍ය රෙගුලාසි කාලීන අවශ්‍යතාවය අනුව වෙනස් විය යුතුයි -අගමැති

Next Post

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම අරගලයේ ප්‍රතිඵලයක්ද? – මන්ත්‍රී සමන්ප්‍රිය

editor

editor

Next Post

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම අරගලයේ ප්‍රතිඵලයක්ද? - මන්ත්‍රී සමන්ප්‍රිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved