• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයක් ගැන පරිසරවේදී රවින්ද්‍රගෙන් හෙලි දරව්වක්

5 January 2023
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2021 වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුවි ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ඒ් පරිසර විනාශය සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මෙසේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුව ද, පරිසර විනාශයේ වෙනසක් නොවූ අතර එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් වනාන්තර විනාශය ප්‍රබලම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය. 1882 වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇත. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කිහිප විටක්ම සඳහන් කළ පරිදි ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවැනි ස්ථානයට පැමිණ ඇත. 2021 වසරේ සිදු වු දැවැන්ත පාරිසරික විනාශය අනුව දවසකට අක්කර 65 බැගින් වනාන්තර විනාශ වූ බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය දත්ත ලෙස එළිදක්වන ලදී. Global forest watch සංවිධානය සඳහන් කර සිටින ආකාරයට 2002න් පසු මේ දක්වා මේ රට 5.3% ප්‍රථමික වනාන්තර විනාශ වී ඇත. ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර 1500ක් විනාශ කිරීම, සමනල රක්ෂිතයේ වනාන්තර විනාශය, සිංහරාජය වනාන්තර විනාශය, ගල්ඔය ජාතික වනෝද්‍යානය වනාන්තර විනාශය, වත්තේගම කැබලිත්ත රක්ෂිතයෙන් අක්කර 12,500 ක් හේන් ගොවියන් අතර බෙදා දීමට උත්සාහ කිරීම, නාකොලගනෙ විහාරයේ අක්කර 2000 ඉඩම් එළිපෙහෙළි කර අඹ වැවීමට සැරසීම, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරෙණ කලාපයේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පවත්වාගෙන යන අනවසර කෝමාරිකා වගාව මුවාවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රේරණ කලාපය එළිපෙහෙළි කිරීම, සොරගුණේ වනාන්තරය තුළ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වනාන්තර විනාශ කිරීම, ලංවා සමාගම ඉලුක්පැලැස්ස වන රක්ෂිතය තුළ ඩොලමයිට් කැපීමට උත්සාහ කිරීම හා වනාන්තර විනාශය, ගොන්ගල හා කබරගල කන්ද ඉඩම් මංකොල්ලය, වැලිකන්ද සුරියවැව වන බිම් වල අක්කර එක්දහස් පන්සීයක් බඩ ඉඟුරු වගාව වෙනුවෙන් බෙදා දීම ඇතුළු රට තුළ ඇති වූ දැවැන්ත වනාන්තර විනාශය නිසා ලංකාවේ වනාන්තර ප්‍රතිශතය තව තවත් පහළ යමින් ඇත. වනාන්තර විනාශය ප්‍රමුඛම කාර්යය ලෙස ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු වනාන්තර ප්‍රමාණයක් විනාශ වී ඇත.
2022 වසර වෙන වසරවල් මෙන්ම ලංකාවේ අලි ඇතුන්ට බරපතළ තර්ජනයක් එල්ල කර වසරක් විය. 2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ ලංකාවේ සිදු වූ අලි මරණ සංඛ්‍යාව 395 කි. අලින්ගේ පහරදීම නිසා මියගිය මිනිසුන් ගණන 127 කි. 2021 වසරට වඩා අලි මරණ 20 පමණ වැඩි ප්‍රමාණයක් මේ රට සිදුවී ඇති අතර මෙරට වාර්තා වූ වැඩිම අලි මරණ සංඛ්‍යාව වාර්තාවූයේ 2019 වසරේදීය. ඒ අලි මරණ ( 207 ) දෙසිය හතක් ලෙස ය, 2020 වසරේ 318 ක් හා 2021 වසරේ අලි මරණ 375 ක් වාර්තා වී ඇත. අද වන විට එක් දිනකට එක් අලියකු හෝ ඇතෙකු බැගින් ලංකාව තුළ මිය යමින් ඇත. පසුගිය වසර 50 තුළ 15% කින් අලින්ගේ වාසභූමි විනාශ වී ඇති අතර අලි ගමන් ගන්නා මංකඩවල්, වගා බිම් හෝ ජනාවාස බවට පත් කිරීම නිසා අලි මිනිස් ගැටුම තීව්‍ර වී ඇත.
මෙම මහා පරිමාණ පරිසරික විනාශයන්ට අමතරව ත්‍රිකුණාමලයේ සාෆි නගර් ප්‍රදේශයේ භූ විද්‍ය හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂකගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ස්වභාවික වැලි නිධියක් වූ එම ප්‍රදේශයේ මිරිස් වගාවකට අවසර ඉල්ලා වර්ග අඩි හතළිහේ පමණ විශාල වලවල් හාරමින් අනවසර වැලි ගොඩ දැමීම ජයට ම සිදු කළ අතර, දැදුරු ඔය, මා ඔය, මී ඔය,කළු ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ ආදී ලංකාවේ ගංගා ගණනාවක මහා පරිමාණ වැලි ජාවාරම සිදු විය. නමුත් මේවා සම්බන්ධව එල්ල කළ පැමිණිලි, කිසිදු වග විභාගයක් නොකර ඉවත දමා ඇති අතර එම ප්‍රදේශවල අනවසර වැලි ගොඩදැමීම මෙවවිටත් සිදු වෙමින් ඇත.
එමෙන්ම ලංකාව තුළ ද දේශගුණික විපර්යාස හේතුවෙන් විශාල වෙනස්කම් ගණනාවක් සිදු වූ බව 2022 වසර තුළ අපට දක්නට ලැබුණේය. ඒ අනුව දෙසැම්බර් මස 25, 26දින වල මහනුවර යට කරගෙන ගලා ගිය විශාල ගංවතුර, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, හම්බන්තොට ආදී ප්‍රදේශවල ඇතිවූ දරුණු වියලි ස්වභාවයෙනුත් එය තවදුරටත් පසක් කර ඇත. සෑම වසරක් මෙන්ම ස්වභාවිකව හට ගන්නා පලතුරු වල ප්‍රමාණාත්මක අඩුවීමක් මේ වසරේ ද දක්නට ලැබුණු අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ඵලදාව හට ගැනීමට පෙරම පලතුරු ගස් වල මල් බිම වැටීමට පටන් ගෙන ඇත.
රටක් ලෙස දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා, පාරිසරක විවේචනයන් අවම කර ගැනීම සඳහාත්, නීති රීති ගණනාවක් තිබුණද, පෙර වසරවල මෙන්ම වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත, ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරවීම මේ වසරේ ද අදාල ආයතන බොහෝවිට පැහැර හරින ලදී.

පිටපත –

රවින්ද්‍ර කාරියවසම්
ජාතික සම්බන්ධීකාරක
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)

Post Views: 6
Previous Post

අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා – අගමැති

Next Post

සමුද්‍රීය ආරක්ෂාව, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් වැළැක්වීමට ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

editor

editor

Next Post

සමුද්‍රීය ආරක්ෂාව, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් වැළැක්වීමට ඔස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved