• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Pinnacle වෙතින් SAARC Ethnic Elegance වැඩසටහනට අනුග්‍රහය

30 January 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය කාන්තා පරපුර සහ කාන්තා ව්‍යවසායකත්වය වෙනුවෙන් නිරතුරුවම කැපවී කටයුතු කරන බැංකුවක් වශයෙන් DFCC බැංකුව තම DFCC Pinnacle සේවා අංශය මඟින්, සාක් කාන්තා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද ‘SAARC Ethnic Elegance’ වැඩසටහනට පසුගියදා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ය.

මෙම වැඩසටහන 2022 දෙසැම්බර් 22 දින පෙරවරු 10 සිට කොළඹ හිල්ටන් හෝටලයේ ‘Blue Elephant Banquet Room’ හිදී පැවැත්විණි. සාර්ක් කාන්තා සංගමය යනු දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (South Asian Association for Regional Cooperation – SAARC) සාමාජික රටවල් 8 අතර මිත්‍රත්වය, සමගිය, සංස්කෘතික ක්‍රියාකාරකම් සහ සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන, වසර 25 ක ඉතිහාසයක් සහිත සංගමයකි. මෙම උත්සවයට සහභාගී වූ කාන්තාවෝ, සාක් කලාපයේ තම රටවල සංස්කෘතීන් නියෝජනය කරන ඇඳුම් පැළඳුම් වලින් සැරසී එය වර්ණවත් කළහ. මෙම උත්සවයෙන් ලැබුණු ආදායම, “SAARC Reach Out Project” නම් විශේෂ ව්‍යාපෘතිය වෙත බැර කරන ලදි. SAARC Reach Out Project යනු සාක් කලාපයේ රටවල විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා සත්කාරමය වැඩසටහනකි.

කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දුන් මූල්‍ය සැලසුම් සේවාවක් වන ‘DFCC ආලෝකා’ සහ එහි ප්‍රතිලාභ හඳුන්වා දීමටද DFCC බැංකුව ‘SAARC Ethnic Elegance’ වැඩසටහන තුළදී කටයුතු කළේ ය. ‘DFCC ආලෝකා’ යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්‍ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්‍රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ. රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්‍යවසයිකාවන්ට මුදල් ප්‍රදානයන් ඇතුළුව මූල්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.

“DFCC බැංකුව වාර්ගික විවිධත්වය, බහු සංස්කෘතිකත්වය සහ සාමූහිකත්වය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා. සාක් කාන්තා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය, විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය වෙනුවෙන් අප දක්වන කැපවීමෙහි තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම අප මූල්‍ය සේවා හරහා කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් අතර මූල්‍ය සාක්ෂරතාවය හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරනවා. සාක් කාන්තා සංගමයේ උත්සාහයන් අප අගය කරන්නේත්, එම උත්සාහයන්ට සහයෝගය ලබාදෙන්නේත් ඒ නිසයි. අප විශ්වාස කරන වටිනාකම් සමග බෙහෙවින් සමගාමී වටිනාකම් මූලික කරගත් මෙම වැඩසටහන සමග සම්බන්ධ වීමට ලැබීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

DFCC බැංකුව, ‘අභියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම’ යන අරමුණ මූලික කරගත් සිය තිරසාර ක්‍රමෝපාය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ප්‍රජාවන් නිර්මාණය කිරීමට කැපවී සිටී. DFCC බැංකුවේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සහ වැඩසටහන් මූලික වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සහ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සහිත සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

 

පිටපත – PR

 

Post Views: 9
Previous Post

ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂවරුන් බව මන්ත්‍රී සාගර කියයි

Next Post

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved