රටේ ජනතාව අන්දවා, රටේ ජනතාව රවට්ටා ස්වාධින කණ්ඩායම් යැයි කියමින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින පුද්ගලයන් කොතරම් සිටියත් ඒ කිසිවකුත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම් නොමැති බවත් සජිත් ප්‍රේමදාසට සිටින්නේ සමගි ජන බලවේගයේ දක්ෂ පක්ෂ කණ්ඩායම පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) කැකිරාවේ පැවැති ජන හමුවක් ඇමතීමේ අවස්ථාවේ දීය.
මේ වන විට රටේ ජනතාවට කාගේවත් පිහිටක් හවුහරණක් නොමැති වී ඇති බවත් අරගලය තුළින් රට විනාශ කළ මුදල් ඇමති, අගමැති සහ ජනාධිපති එලවා දැමුවත් අවසානයේ ඔවුන්ගේ රූකඩයක් මේ වන විට ජනපති වී ජනතාව තව තවත් අසරණ තත්ත්වයට ඇද දැමූ බවත් විපක්ෂනායකවරයා පැවසීය.
එසේ ම අවිහිංසාවාදී අරගලය තුළින් ප්රජාතන්ත්රවාදය ජනතාව ඉල්ලා සිටියත් ඇතැම් පිරිස් ඒ අරගලය මුවාවෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බවත් එහෙත් අරගලයේ අතිමහත් බහුතරයක් සාමකාමී විශිෂ්ඨ අරමුණු ඇති තාරුණ්‍යයක් සිටි බවත් ඔවුන්ට නව ප්රජාතන්ත්රවාදී පාලනයක් බිහි කිරීමට අවශ්‍ය වුවත් අවසානයේ සිදු වූයේ රාජපක්ෂ රැකවලෙකු රටේ ජනාධිපති බවට පත් වී රටේ ජනතාව තව තවත් දුක්ඛිත ජීවිතයකට ඇද දැමීම බව ද හෙතෙම පැවසීය.
එසේ රටේ ජනතාව දුක්ඛිත ජීවිතයකට ඇද දැමූ අලි කපුටු පොහොට්ටු හවුල මේ වන විට ස්වාධින කණ්ඩායම් නායකයක් හරහා ජනතාව නැවත ඇන්දවීමට කටයුතු කරන බවත් මෙකී ස්වාධින කණ්ඩායම් තුළ සමගි ජන බලවේගයේ පුද්ගලයන් නොමැති හෙයින් ඔවුන්ට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා එහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.