රනිල්ගේ ලණු කලා මැතිවරණයට පැවැත්වීමට බාධා කරන නිලධාරින්ට ඉදිරියේදී රැකියාව අහිමිවීමට ඉඩ ඇති බව ජාතික ජන බලවේගයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) එප්පාවල නගරයේ ජාතික ජන බලවේගය සංවිධානය කළ එක්වෙමු- දිනවමු, විසඳුම මාලිමාව යන මැයෙන් පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය “ මැතිවරණය පවත්වන්න බාධා කලොත්, ඒ නියෝග, විධාන පිළිපදින්නේ නැතිව හිටියොත්, ඒ කෙනාට අධිකරණයෙන් දඩුවම් කරන්න පුලුවන්, ඒ නිසා නිළධාරීන්ට අපි අනතුරු අඟවනවා රනිල්ගේ ලණු කන්න එපා.රනිල් වික්රමසිංහ හිරේ යන එකක් නෑ, එයාට මුක්තිය තියෙනවා, ජනාධිපති හිරේ යවන්න බෑ, හැබැයි අනෙක් කට්ටියට උසාවි යන්න වෙනවා.ඡන්දයට බාධා කිරීම සම්බන්ධයෙන් කරුණු කියන්න වෙනවා. එතකොට රස්සාව එහෙම නැති වෙන්න පුලුවන්කම තියෙනවා,ඒ නිසා අපේ රටේ වගකිව යුතු නිළධාරීන් කළයුත්තේ මහජනතාවගේ ඡන්දයට බාධා කරන එක නෙමෙයි, ඒක තියන්න ඉඩ සලසන එක යැයි ජාතික ජන බලවේගයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
තිසර සමල් – අනුරාධපුර