• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරකම් සහ හොරා කාපු සම්පත් යළි ගෙන්වීම ප්‍රබන්ධයක් බව විපක්ෂය තහවුරු කලා – මන්ත්‍රී සංජීව

23 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප සිතනුයේ එම ප්‍රේක්ෂකාගාර කිසියම් මොහොතක ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නගාවී, එම සොරකම් සහ ඒවා යළි මෙරට ගෙන්වා ගැනීම පිළිබඳ කතාව ඔවුන් විසින්ම කළ ප්‍රබන්ධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “මේ දවස්වල දේශපාලන වේදීකාවේ ලොකුම මාතෘකාව හොරකම් සහ හොරා කාපු සම්පත් යළි කැඳවා ගැනීම වගේ මාතෘකාවක් ඉතාමත් බරපතල විදිහට සාකච්ඡා වෙමින් තියෙනවා. ඒ හැර ලොකු දෙයක් කියන බවක් පේන්නත් නෑ. 2015 අලුත් ආණ්ඩුව බිහිවන්නේද පෙර පැවති ආණ්ඩුවේ හොරුන් අල්ලනවා කියන දේශපාලන සටන්පාඨය මත. 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පූරාම අපේ ප්‍රතිවාදි අපේක්ෂයා සහ ඔහුගේ කණ්ඩායම විසින් ගෙන ගිය ප්‍රධාන දේශපාලන සටන්පාඨය තමයි රාජ්‍ය සම්පත් සොරාකෑම සහ සොරාගන්නා ලද සම්පත් යළි රාජ්‍යයට දිනා ගැනීම වගේ මාතෘකාවක්. ඒ වගේම ඡන්දයයෙන් බලයට පත්වුණු සැනින් ප්‍රමුඛ දේශපාලන ප්‍රකාශය ඉටුකිරීම වෙනුවෙන් ඔවුන් කළ හැකි හැමදේම කළා කියන එක තමයි අපේ නිරීක්ෂණය. දූෂන විරෝධි ජාතික කමිටුවක් හදාගෙන අපේ කණ්ඩායාම හැර සියලු දේශපාලන පක්ෂ එහි සාමාජිකත්වය දරමින් උදේ සවස මුණගැහිලා ඊලඟට කාවද අල්ලන්නේ කියලා සාකච්ඡා යෙදුවා. ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය නමින් ඒ සඳහා වෙනම ආයතන ව්‍යුහයක් ස්ථාපිත කළා. ඒ අය රට තුළ විමර්ශන කළා. ඒ වගේම ඒ අයට අමතක වුණාට අපිට මතකයි ඒ ඇතැම් ආයතනවල නිලධාරින් සහ සාමාජිකයින් විදේශ රටවලට පවා ගිහිල්ලා විවිධ විමර්ශන සිදු කළ බව ඒ අය විසින්ම රටට කිව්වා. ඒ වගේම 2016 මැයි 11 ලන්ඩන් නුවර තිබුණා ජාත්‍යන්තර දූෂණ විරෝධි සමුළුව. ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එවක ජනාධිපතිවරයා සහභාගි වුණා. එහිදි ඔවුන් විසින් හොරකම් ඇල්ලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝකයට පැහැදිලි කළා. ඒ විතරක් නොවේ එවක ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මෙරට පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයන් සහ ඇමරිකානු නියෝජිතයන් අතර ඇතිවුණු ද්විපාර්ශික සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකාව විදිහට ඔවුන් ඉල්ලා සිටියා අපිට හොරුන් අල්ලන්න උදව් කරන්න කියලා. ඒ වගේම එවක විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කිව්වා ඇමරිකන් ඩොලර් බිලියන 18 ක වත්කම් රාජපක්ෂලාට පිටරට තියෙනවා කියලා. ඒවා ගේනවා කිව්වා. මංගල සමරවීර කියන්නේ ලංකාවේ දේශපාලන හිටපු ගෝලීය මනුස්සයෙක්.
රටේ සම්පත් සොරාකෑම සහ ඒවා යළි රටට දිනාදීම කියන මාතෘකාව මේ අය විසින් මීට පෙර කතා කරලා ඒ වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කරලා නැවත මේ මාතෘකාව අරගෙන එනවා මැතිවරණයකදී වෙන කතා කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. ඒ අය විසින්ම තමන් විසින්ම සිදුකළ මේ ප්‍රකාශ ප්‍රබන්ධයක් බව තහවුරු කරලා තියෙන්නේ. ඒ නිසා මම මැතිවරණය ව්‍යාපාරය තුළ ඉතාම සක්‍රීය ලෙස නියෙලි ඉන්න ඒ පාර්ශවයන්ගෙන් ඉල්ලන්නේ ඔබ විසින්ම මේ කතාව මීට පෙරම කියලා එය සත්‍යයෙන් තොර ප්‍රබන්ධයක් බව ඔබ විසින්ම තහවුරු කරලා ඉවරයි. ඒ නිසා අපි කතා කළයුතු නැද්ද මේ රටේ ජාතික ආර්ථිකය සම්බන්ධ වැඩපිළිවෙළ ගැන. මේ මොහොතේ අත්‍යවශ්‍යම සාකච්ඡාව රටේ ජාතික ආර්ථිකය යළි ස්ථාපනය කිරීම වෙනුවෙන් අනාගත නායකයින් වෙන්න අපේක්ෂාවෙන් සිටින අයගේ වැඩපිළිවෙල විය යුත්තේ. ඔවුන් විසින්ම මීට පෙර සිදුකළ ප්‍රබන්ධ කතාවම යළි මයික් පැලෙන්න සාකච්ඡා කරමින් සිටිනවා. මම හිතන්නේ ඒ ප්‍රේක්ෂකාගාරය කොයි මොහොතක හෝ ප්‍රශ්න කරාවි කියන එක තමයි මට තේරෙන්නේ. ඒ හොරකම් සහ ඒවා යළි මෙරට ගෙන්වා ගැනීම පිළිබඳ කතාව ඔවුන් විසින්මයි බොරුවක් බවට පත් කරලා තිබෙන්නේ.” යැයි මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

පිළිකා රෝහලේ යන්ත්‍ර අලුත්වැඩියාවට ගෙනා උපකරණ රේගුවෙන් මුදා හැරේ

Next Post

රජයේ මුදල් පිළිබද කාරක සභාව සභාපති මයන්ත ප්‍රථම වරට රැස්වෙයි

editor

editor

Next Post

රජයේ මුදල් පිළිබද කාරක සභාව සභාපති මයන්ත ප්‍රථම වරට රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved