රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වූ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) ප්රථම වරට රැස්විය.
තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා නම් කෙරිණි. නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ විපක්ෂයේ කණ්ඩායම විසින් තමන්ගේ නම යෝජනා වී තිබියදී ආණ්ඩු පක්ෂය විසින් මයන්ත දිසානායකගේ නම යෝජනා කර ස්ථීර කිරීම ගැටළුකාරි තත්ත්වයක් බවයි.