• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සණස ලයිෆ්’ 96 වන ශාඛාව කුලියාපිටියේදී විවෘත කෙරේ

8 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘සණස ලයිෆ්’ සමාගමේ 96 වන ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

මෙම නව ශාඛාව අංක 352, මාදම්පේ පාර, කුලියාපිටිය යන ස්ථානයේ පිහිටා ඇති අතර, එය විවෘත කිරීමේ අවස්ථාවට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන් මෙන්ම එම සමාගමේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාද සහභාගී විය. ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය යනු සමාජයේ යහපත ඉලක්ක කරගත් මූල්‍ය සේවාවන් හා අනෙකුත් ව්‍යාපාර කටයුතු තුළින් ප්‍රජා සංවර්ධනය සහ ආර්ථික සවිබල ගැන්වීම ඉලක්ක කරගත් සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයාද වේ.

“සණස ව්‍යාපාරය සෑම විටම ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින්, එම ගැටලු විසඳීමට උත්සාහ දරනවා. ‘සණස ලයිෆ්’ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගැනීමට සමත් වී තිබෙන්නේ ඒ නිසයි. කුලියාපිටිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ කේන්ද්‍රස්ථානයක් වන, උද්‍යෝගීමත් ප්‍රජාවක් ජීවත් වන නගරයක්. එම ප්‍රජාවට අපගේ සේවාවන් සැලසීමට අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා.” ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසී ය.

‘සණස ලයිෆ්’ සමාගම මේ වනවිට විවිධාකාරයේ ජීවිත රක්ෂණ සැලසුම්, ණය ආරක්ෂණ සැලසුම්, කාලීන රක්ෂණ සහ විශ්‍රාම සැලසුම් ඇතුළු රක්ෂණ හා ආයෝජන විසඳුම් රාශියක් හඳුන්වා දී ඇත. ‘සණස ලයිෆ්’ සේවාවන් සියල්ල නවීන ලෝකයට ගැළපෙන ආකාරයට, ග්‍රාමීය ප්‍රදේශ වල අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් සැලසුම් කර තිබේ. නම්‍යශීලී විසඳුම් ඔස්සේ එම ජනතාවට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට ‘සණස ලයිෆ්’ ප්‍රමුඛත්වය ලබා දී ඇත.

2003 වසරේදී සණස ව්‍යාපාරයේ කොටසක් ලෙස ‘සණස ලයිෆ්’ සමාගම ආරම්භ කරන ලද්දේ, ග්‍රාමීය ජනතාවට රක්ෂණ සේවාවන් හඳුන්වා දීම අරමුණු කරගනිමිනි. මේ වනවිට සමාගම මෙන්ම එහි අරමුණුද පුළුල් වී ඇති අතර, රටේ ජනතාව සහ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහිත ජාත්‍යන්තර තලයේ සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට ‘සණස ලයිෆ්’ සමත් වී ඇත. එමෙන්ම පසුගිය කාලය තුළ සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලැබීමටද සමාගම සමත් වූ අතර, 2018 වසරේදී ඉන්දියානු වාණිජ මණ්ඩලය පිරිනැමූ, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනය උදෙසා වූ විශිෂ්ටත්වයේ සහතිකය සහ 2019 වසරේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමය විසින් පිරිනමන ලද, වාර්තාකරණ ප්‍රමිතීන් සඳහා වූ අනුකූලතා සහතිකය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

තම ආයතනික අරමුණු ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් සමඟ සමපාත කරමින්, රටේ මධ්‍යම පාන්තික ජනතාවගේ අවශ්‍යතාවයන්ට වඩාත්ම හොඳින් ගැළපෙන සේවාවන් පිරිනැමීම, සණස ලයිෆ් සමාගමේ මූලික අරමුණ වී තිබේ. මීට අමතරව සමාගම විවිධ ව්‍යාපෘති ඔස්සේ ප්‍රජා සංවර්ධනය, ආගමික හා සංස්කෘතික සහජීවනය සහ පරිසර සංරක්ෂණ උදෙසා කැපීපෙනෙන දායකත්වයක් දක්වා ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් අවදානම් අවම කිරීම, ජීවන තත්ත්වයන් වැඩිදියුණු කිරීම සහ සුරක්ෂිත ආර්ථික සංවර්ධනයකට අවස්ථාව සලසා දීම සිදුකරන අතරම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් නිවැරදිව හඳුනාගෙන ඒ අනුව සේවාවන් සලසන විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් පවත්වාගෙන යාම සණස ලයිෆ් සමාගමේ සෙසු ඉලක්ක අතර ප්‍රධාන තැනක් ගනී.

 

 

පිටපත – PR

Post Views: 13
Previous Post

රත්නප්‍රියගේ රාජකාරිය රටට හෙලි කල යුතුයි – රවි කුමුදේශ්

Next Post

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි

editor

editor

Next Post

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved