27 April 2024
#දේශීය

රත්නප්‍රියගේ රාජකාරිය රටට හෙලි කල යුතුයි – රවි කුමුදේශ්

වෘත්තීය සමිති මර්ධනයට හා කුමන්ත්‍රණ සඳහා කාර්‍යාලයක් ඊට අදාළ ජනරාල්ට පවරලා තියන රාජකාරිය රටට හෙලිදරව් විය යුතු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

කෙසේ වෙතත් අද (08) උදේ 6.30ට ආරම්භ කල සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් සියළු රෝහල් වල ඖෂධ ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, භෞත චිකිත්සක සේවාවන්, උපස්තායක, ගිලන්රථ, කළමණාකරණය අරක්කැමි, සෞඛ්‍ය සහයක සේවාවන් සියල්ල ඇණහිට ඇති බව හෙතෙම පැවසිය.

රෝගීන්ට බරපතල පීඩාවක් ඇති වීම වලක්වා ගැනීම සදහා හදිසි හා අත්‍යාවශ්‍ය සේවාවන් මෙන්ම ස්වෙච්චා කණ්ඩායම රඳවා තිබෙන අතර මේක රට පුරා දියත් වෙන දැවැන්ත විරෝධතාවයක ආරම්භයක් බව ඔහු අනාවරණ කලේය.

අද දින සෞඛ්‍ය සේවයෙන් ඇරඹූ අරගලයරට හෙට විශ්වවිද්‍යල ආචාරයවරුන්, 13 වනදා සිට වෛද්‍ය නිලධාරීන් එක් අතර ලබන 15 වෙනිදා වන විට සියළු වෘත්තීය සමිති ඒකාබද්ද වර්ජනයක් පවත්වන බව කුමුදේශ් මහතා කියා සිටියේය.

මහජන බද මුදලින් වෘත්තීය සමිති මර්ධනයට කාර්යාලයක් නඩත්තු කරන පළවෙනි ජනාධිපති විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතිහාසගත වන බවත් ඔහු වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල්ව යොදවලා තියෙන්නේ කුමන්ත්‍රණ කරන්නට බව ඔහු අවධාරණය කලේය.

ඛ්‍ය ලේකම් වරයාව රූකඩයක් කර ගන්න ඔහු උත්සාහ කරමින් සිටින අතර ඒ මැදිහත්වීම නිසාම වෘත්තීය ක්‍රියාමාර්ග දික්ගැස්සිලා තිබෙන බවත් මහජන මුදල් නාස්ති කරමින් නඩත්තුකරන ජනරාල්ට පවරලා තියන රාජකාරිය රටට හෙලිදරව් විය යුතු බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *