නැවත වතාවක් මේ රට නැගිටීමට විවෘත වී ඇති මොහොතක එම නැගිටීමත් සමඟ රටේ ගොවිජනතාව ශක්තිමත් කරමින් , සත්ව පාලනය, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ශක්තියක් වෙමින් කර්මාන්ත අංශයෙන් ඉතා කුඩා ව්‍යවසායකයන් නඟාසිටුවීමට සහයෝගය ලබාදියුතු අතරම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට වැඩි දායකත්වයක් රජය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “අපි බැරෑරුම් ප්‍රශ්නවලට ඊට කලින් මුහුණදිලා තිබෙනවා. මේ රට ආර්ථික වශයෙන් ඉතාම අනතුරුදායක තත්වයකට මුහුණදුන් රජයක් තමයි 1970 බලයට පත්වෙච්ච සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ කාලය. ඒ අවස්ථාවේ මැතිණිය බලයට ඇවිල්ලා මාස කිහිපයක් යනකොට 1971 තරුණ කැරැල්ල පටන් ගත්තා. ඒ නිසා රටේ විශාල ධන හානියක් වුණා. තේ කර්මාන්ත ශාලා 60ක් විතර, පෙට්ට්‍රල් සෙඩ් 140 ක් විතර පොලිසි, තැපැල් කන්තෝරු විශාල වශයෙන් ගිනි තිබ්බා. ඒ අරගලයෙන් 1200 ක් නිලවශයෙන් මරණයන් සඳහන් වුණා. බණ්ඩාරණායක මැතිණියට සිදුවුණා 14,000 ක් තරුණයන් අත්අඩංගුවට අරගෙන ඔවුන් සිරගතකරලා ඔවුන්ව මාස 07 ක් පුනුරුත්තාපනය කළා. ඒ 71 අරගලයත් එක්කම ලෝකයේ මතු වුණා ලෝක ආර්ථික පරිහානියක් සහ විශාල ආහාර අර්බුදයක්. ඒ වන කොට ලෝකයේ තිබුණු සමාජවාදි රටවල් සියල්ලම කඩා වැටුණා. එයට හේතු වුණේ ලෝක ආර්ථික අහේනිය හා අර්බුදයට මුහුණ දෙන්න තරම් ශක්තිමත් ආර්ථිකයක් සමාජවාදි රටවල්වලට තිබුණේ නෑ. එයට ඇති වුණු න්‍යායාත්මක හේතුව වුණේ කාල් මාක්ස්වත්, මාඕ සේතුන්වත්, ලෙනින්වත් මේ කිසි කෙනෙක් ව්‍යවසාය පිළිගත්තේ නෑ. හැම සමාජවාදි රටකම වෙච්ච දේ තමයි විශාල ගොවිපොළවල්, විශාල ව්‍යාපාර සහ සේවා ආයතන ඉතාම අකර්යක්ෂම වුණා. ඒ නිසා 72,78 මහා අර්බුදය වෙලාවේ මේ රටවල්වලට මුහුණ දිගාන්න බැරිවුණා. ඒ නිසා මේ රටවල් සේරම කඩා වැටුණා. බණ්ඩාරණායක මැතිණිය 71 අර්බුදයට මුහුණදිලා ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය පළමු වතාවට දශම 02 ට වැටුණා. මේ අර්බුදයත් එක්ක බණ්ඩාරණායක මැතිණියට හාල් සේරු 02 ට වඩා ගෙනියෑම තහනම් කළා. ඒ මහා කඩාවැටීම ඉදිරියේ සිකුරාදා, අඟහරුවාදා බත් උයන්න තහනම් කරලා බණ්ඩාරණායක මැතිණිය ඒ ආර්ථිකයට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ තමයි අපේ රටේ සිනි අති සුඛෝපබෝගි භාණ්ඩයක් වුණා. සියලුදේවල් කුපන් එකකටයි දුන්නේ. බණ්ඩාරණායක මැතිණිය සිනි කර්මාන්ත ශාලා 03 ක් මේ ලංකාවේ හැදුවා. ටයර් කර්මාන්තශාලාව, වානේ කර්මාන්තශාලා හැදුවා. ඒ දශම 02 ට වැටුණු ආර්ථිකය දශම 4ට , 5 කට ගෙනල්ලා බණ්ඩාරණායක මැතිණියට ආර්ථිකය අරගෙන යන්න පුළුවන් වුණා. 2000 අපේ රටේ ආර්ථිකය පළමු වතාවට 1.4 සෘණ වුණා. චන්ද්‍රිකා මැතිණිය ඒ විෂය පිළිබඳව තිබුණු නොදෙනුවත්කම සහ ඇයගේ තිබුණු ප්‍රමාදවීමය නිසා. දේශීය හේතුවක් , ජාත්‍යන්තර හේතුවක් තිබුණේ නෑ. ඒපාර ඒ ආණ්ඩුව පෙරලුවා. ඉන්පසුව බලය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තා. එතුමා රටේ ආර්ථිකය 4½% ක ආර්ථික සංවර්ධනයකට අරගෙන ආවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලය ගන්නකොට අප රටේ ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදනයෙන් 104% දක්වා වැඩිවෙලා තිබෙනවා. දුගිකම, විරැකියාව, උද්දමනය ඉහළ ගිහින් තිබෙනවා. එතුමා ඒ අවස්ථාවේ ලෝකයේ දරුණුම ත්‍රස්වාදයත් එක්ක හැප්පුණා. 2007,2008,2009 ලෝක ආර්ථික අවපාතයක්, ලෝක මූල්‍ය අවපාතයක්, ලෝක ආහාර අහෙනියක් ආවා. 2009 වන කොට අපේ රටේ ආර්ථිකය කඩාවැටුණා බිමටම. 2009 ලෝක ආර්ථික සංවර්ධන පරිහානියකට ගියා. 2010 වන කොට අපි 8% සංවර්ධනයකට ගියා. 2011 8.4%, 2012 9.1% කට ගියා.ආර්ථික සංවර්ධන වේගය ලෝකයේ අපි චිනයට විතරයි දෙවෙනි වුණේ. 2015 යහපාලන ආණ්ඩුවට භාර දෙනකොට 7.1 ට ආර්ථික සංවර්ධන වේගයක් තිබුණා. විරැකියාව 4% ට වැටුණා. දුගිකම 6% ට ආවා. මහා ආර්ථික සංවර්ධනයකුත් එක්ක තමයි 2015 යහපාලන රජයට රට භාරදුන්නේ. ඒ භාරගත්ත යහපාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට භාරදෙනකොට ණය සේවා බිලියන 2ක බිලියන 6ට ගිහින් තිබුණා. විදේශ ණය බිලියන 23 , 38.8 කට ගියා.බැදුම්කර ණය බිලියන 05 ඉඳලා බිලියන 15 වැඩිවුණා. ඒ රට තමයි අපි භාර ගත්තේ. භාර අරගෙන අපේ රජය විශාල වශයෙන් වැට් බදු, රටේ තිබුණු රාජ්‍ය ආදායම් බදු අඩු කරගත්තා. ඒ අවස්ථාවේ එය කළේ රටේ පහළ මධ්‍යම පාංතික ව්‍යවසායකයින් ශක්තිමත් කරන්න තමයි එය කළේ. අපි විශාල පිරිසක් ඒ ඉතා කුඩා ව්‍යවසායකයින් බදුවලින් නිදහස් කළා. මේ ඉතා කුඩා ව්‍යවසායකයින් 91.7% ඉහළට ගෙන ඒම අපේ ප්‍රධාන ඉලක්කය. මේ නිසා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවෙලා එතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දුන්නා ලක්ෂ 1000ක්. පාර්මේන්තු මන්ත්‍රිවරයෙක්ට ද මුදල් ලබා දුන්නා. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට ලක්ෂ 40 දුන්නා. මෙයින් 40% ක් ජිවනෝපායට වියදම් කරන්න කියලා කිව්වා. මේ හැම තැනම ආයතන ලොකුවෙලා ඒ ලොකුවෙන ප්‍රමාණයට රැකියා උත්පාදනය වැඩිවෙලා රටේ ජිවන තත්වය උඩට එනවා. අපේ රට අදත් අපි බංකාලොත් තැනට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලඟට ගිහිල්ලා මූල්‍ය අරමුදලෙන් අපි දැන් ණය මුදලක් අරගෙන අනුමත කරගෙන ඒ බංකොලොත් තත්වයෙන් අපි ගැලවිලා තිබෙනවා. බංකොලොත් තත්වයෙන් නැගිටින්න මේ හදන අවස්ථාවේ අපිට තිබෙන ප්‍රධාන කාර්ය තමයි අඩු ආදායම් ලබන කෘෂිකාර්මික ගොවියන් සහ ඉතා කුඩා ව්‍යවසායකයින් ඉහළට ගෙන ඒම. ඒ අනුව තමයි මේ ආර්ථිකය ගොඩනන්වන්න පුළුවන්. අපිට සංචාරක කර්මාන්තය දියුණු කරගන්න අවශ්‍යයි. ඒ අවගේම අපේ රටේ අලුත් අලුත් ආයෝජන හදාගන්න අවශ්‍යයි. ඒ නිසා අපේ රාජ්‍ය ගොවිපොළොවල් ටික කාර්යක්ෂම කරමින් නුවරඑළියේ පාඩු ලබන ගොවිපොළොවල් ලාභ ලබන තැනට ගේන්න පුළුවන් නම් අපිටත් විශාල වෙනසක් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ සේවා 58%, 59% ක් තියෙනවා. මෙයින් රක්ෂණේ ආදායම අපේ රටේ ජාතික ආදායමෙන් 1% යි. අපිට මහා දිගු ගමනක් මේ රක්ෂණ ව්‍යාපාරයෙන් යන්න පුළුවන්. බොහෝ දියුණු රටවල්වල හැම කෙනෙකුටම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තිබෙනවා. අපිට තවම ඒ වගේ තැනකට අපේ රක්ෂණය ගෙනියන්න බැරිවෙලා තිබෙනවා. රක්ෂණය තිබෙන්න ඕන මීට වඩා ඉහළින්. මේ රටේ විදේශ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නෑ. අයෝජකයන් ලංකාවට එනවා කියලා හිතනකොට විරෝධය පල කරනවා. කෝටි අනු එක්දහක් ණයයි විදුලිබල මණ්ඩලය බැංකුවලට. මෙයට පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කරගන්නවා කියලා කිව්වාම විශාල වර්ජනයකට යනවා. ඒ නිසා මම කියන්නේ ඒ වගේ තීන්දු තීරණ ඉහළින් අරගෙන මේ රටත් ගොඩනැගුවේ නැත්නම් මේ රට ඉදිරියට යන්න බෑ. 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දය දිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළේ බෙන්සියෝපින් වගේ චිනය නැගිට්ටවයි කියලා හිතාගෙන. ගෝඨාභය මැතිතුමා වෙන මඟක් ගත්තා. එතුමා පුදුමාකාර අවිහිංසාවාදි මගක් ගත්තා. හැබැයි අමතක කරන්න හොඳ නැ ඔහු රටේ ආර්ථිකය හරි මාවතකට තල්ලු කරගෙන ආවා. ආර්ථිකය බිංදුවට වට්ටලා ණය සේවා බිලියන 06 කට අරන් ගිහිල්ලා හිරකරලා එතුමාට රට භාරදෙන කොට ඒත් එක්කම කෝවිඩ් වසංගතය ආවා. ඒ අවස්ථාවේදි ගෝඨාභය ජනාධිපතිතුමා ලෝකයේ අපි එක ලකුණකින් දෙවැනි වුණේ චිනට විතරයි.අපි ඉතා සාර්ථකව වළක්වා ගත්තා. එහි දෙවෙනි තුන්වෙනි රැලි ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ , සමඟිජන බලවේගයයි. ගෝඨාභය ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය පිළිබඳව ගත්ත තීන්දු සම්පූර්ණයෙන් වැරදි. එතුමාට සංඛ්‍යා ලේඛන දීපු පිරිස් වැරදි. ඒ ප්‍රශ්නයෙන් රටේ ආර්ථිකය එකපැත්තකින් වැටුණා. නමුත් මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න විශාල වශයෙන් වියදම් කරන්න වුණා. එන්නත් වලට පුදුමාකාරට වියදම් කරන්න වුණා. නමුත් අද ඒ සියලු කුණාටුවෙන් පස්සේ අපේ පක්ෂයට සිදු වුණා ජනාධිපතිකම දෙන්න. අපිට ආපහු පාරක් විවෘත වෙලා තිබෙනවා මේ රට නැගිටින්න. ඒ නැගිටිනකොට අපි පැහැදිලිව රටේ ගොවිජනතාව ශක්තිමත් කරලා උඩට ගේන්න, සත්ව පාලනය, කෘෂිකර්මාන්තය නැගිට්ටවන්න ඒ පැත්තට තල්ලුවක් දෙන්න වෙනවා. ජනාධිපතිතුමාට තේරිලා තිබෙනවා. කර්මාන්ත අංශයෙන් ඉතා කුඩා ව්‍යවසායකයන් නැගිට්ටවන්න ලොකුවටම උදව් කරන්න වෙනවා. ඒ අතරම සංචාරක ව්‍යාපාර දියුණු කරන්න හුඟක් දේවල් මේ රටේ සිදුකරන්න පුළුවන්. අපි මේ රටේ කරන්න ඕන.”යනුවෙන් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙහිදි සඳහන් කළේ ය.