27 April 2024
#දේශීය

තමන්ගේ පුර්ණ සහය ජනපති රනිල්ට බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

රට ආර්ථීක සමාජයිය, දේශපාලනික වශයෙන් කඩා වැටි ඇති අවස්ථාවේදි රට බාර ගත් නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නැවත රට යථා තත්වයට පත් කර ඇති බවත් ඒ සදහා තම පුර්ණ සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.‍

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි ජනතාව සදහා රජය විසින් ලබා දෙන සහල් ලබා දිමේ උත්සවයට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදර්ශි නායකත්වය නිසාත් ජත්‍යන්තර වශයෙන් ඇති සම්බන්ධතා නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ලෝක සංවිධාන වලින් රටට සහන ලබා දිමට කටයුතු කරනවා. රටේ පසුගිය කාලයේදි ඇතිවු අරගල සහ ජනතා අපෙක්ෂාවන් පිළිබදව මනා දැනිමකින් යුතුව එය නිසි ආකාරයෙන් කළමණාකරණය කර ගනිමින් කටයුතු කළ නායකයෙකු ලෙස ඉතිහාස ගතවෙනවා. රට නිවැරදි මාවතට ගෙන ඒමකට කටයුතු කිරිම මහජන නියෝජතයින් ලෙස අගය කළ යුතුයි. රට ගොඩනැගිම සදහා ගන්නා උත්සහයට අපේ ශක්තිය ලබා දෙනවා. රටේ සහනාධාර නතර කරලා නැහැ. ඉදිරි මහ කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරනවා.ඒ තුළින් අපේ ‍කෘෂි නිෂ්පාදන ඉහළ නැංවිමට කටයුතු කරනවා. එවිට ගොවින්ට මෙන්ම අනෙකුත් පිරිම්වලටද මහත් අස්වැසිල්ලක් වනු ඇති බවද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථාවට උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *