• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රස්ත විරෝධී පනත සම්මත වුණොත් වික්‍රමසිංහ – රාජපක්ෂ” පාලනයට එරෙහිව “හ්ම්” කියන්නවත් බෑ – ජයන්ත සමරවීර

6 April 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදයත්, රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීමට පෙරට එන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට ත්‍රස්ත ලේබලය ගසන “ත්‍රස්ත විරෝධී පනත” සම්මත වුවහොත් ඒ කිසිවකුටත් “වික්‍රමසිංහ – රාජපක්ෂ” පාලනයට එරෙහිව “හ්ම්” කියන්නවත් ඉඩක් නොලැබෙන බවට උත්තර ලංකා සභාගයේ විධායක සභික, ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(06) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා  “අප්‍රේල් 25 වැනිදා ත්‍රස්ත විරෝධී පනත නමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන්, පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමේ මෘග පනතක් බව මුලින්ම පැවසිය යුතුයි. 1979 පැමිණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2018 ඉදිරිපත් වුණු ප්‍රතිත්‍රස්ත පනත මර්දන අවි නම්, අප්‍රේල් 25 වැනිදා ඉදිරිපත් වීමට නියමිත ත්‍රස්ත විරෝධී පනත, ඊට වඩා සියදහස් ගුණයක් බලවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට එන මර්දන අවියක්. මේ පනත සියලු ආකාරයේ ‘විෂ’ එකතු කොට ඉදිරිපත් කරන, පැසිස්ට් පන්නයේ පාලනයකට පාර කපන පනතක්. ලෝකයේ බිහිසුණුම පැසිස්ට්වාදී පාලකයන්ගේ ලැයිස්තුවට ඇඩොල්ෆ් හිට්ලර්, බෙනිටෝ මුසෝලිනි, ඉඩි අමීන් ඇතුළත් වෙනවා සේම මෙම ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එම බිහිසුණු මෘග පාලකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීම වැළැක්වීමට නොහැකි වෙනවා. ‘වික්‍රමසිංහ – රාජපක්ෂ’ පාලනයට මෙවැනි පැසිස්ට් පන්නයේ මෘග පනතක් අවශ්‍ය වන්නේ ඇයි? පළමු කරුණ තමයි 1995 සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට වෙර දැරූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය දැන් ක්‍රියාත්මක වීම. ඒකට හිලව්වට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක සොච්චම් මුදලක් හිමිව තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානතම කොන්දේසිය අනුව මේ රටේ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් කුණුකොල්ලෙට, පරදේශක්කාර සමාගම්වලට විකිණීමට ‘වික්‍රමසිංහ – රාජපක්ෂ’ පාලනය සූදානම් වෙනවා. මෙසේ විකුණා දමද්දී ඒකට විරුද්ධව නියත ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නැගී සිටිනවා. 

බලන්න, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විකුණා දමන විට ඒකට විරුද්ධව නැගී සිටින එහි සේවක සංගම්, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ යන සියල්ලේ ක්‍රියාකාරීන් මෙම ත්‍රස්ත විරෝධී පනත අනුව ත්‍රස්තවාදීන්. මේ විකුණා දැමීමට එරෙහි උද්ඝෝෂණ ගැන ලියන, වාර්තා කරන මාධ්‍යවේදීන් ද මේ පනත අනුව සැලකෙන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. මාධ්‍යවේදීන් පළ කරන වාර්තා කියවන පාඨකයාත් මේ අනුව ත්‍රස්තවාදියකු වෙනවා. ඒ ආකාරයටම සමාජ මාධ්‍ය වේදිකාව හරහා මේ පිළිබඳව වාර්තා කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මේ පනතින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහනවා. මේ විදියට මේ ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට ‘වික්‍රමසිංහ – රාජපක්ෂ’ පාලනයට විරුද්ධව ‘හ්ම්’ කියන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය දිගේලි වනවාට විරුද්ධව නැඟී සිටින ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්දනය කරනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන, බෙදුම්වාදයට කප්පම් පිදීමේ න්‍යාය පත්‍රයට එදිරිව නැගී සිටින ජාතික බලවේග, අධිරාජ්‍ය විරෝධී බලවේගවල ක්‍රියාකාරීන් ද මේ පනතින් ත්‍රස්තවාදීන් බවට හංවඩු ගහනවා. ජනතා සහන කප්පාදු වන විට පාරට බහින ජනතාව, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ආදී මේ සියලුදෙනා ද මේ තත්ත්වය හමුවේ ත්‍රස්තවාදීන් වෙනවා. ඒ වගේම සෝෆා සහ එම්සීසී ගිවිසුම් ගෙන ඒමට ද මේ ආණ්ඩුව සූදානම් වෙනවා. ඒවාට එරෙහිවන්නන් ද ත්‍රස්තවාදී ලේබලය යටතේ මේ පනතින් මර්දනය කෙරේවි.

නමුත් වැදගත්ම කාරණය තමයි, ‘ඇත්ත ත්‍රස්තවාදී ක්‍රියා’ මේ ත්‍රස්ත විරෝධී පනතින් නිදහස් කරලා තිබීම. මත්ද්‍රව්‍ය ජාවාරම, විදේශ විනිමය ජාවාරම, මිනිස් ජාවාරම, බෝම්බ තැනීම්, අවි ආයුධ රැස් කිරීම්, අන්තවාදය වැපිරීම් යන කිසිවක් මේ පනතින් ආවරණය වන්නේ නැහැ. ඇත්ත ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ ඊට තුඩුදෙන ජාවාරම් මැඬලීමට මෙම පනතෙහි ප්‍රතිපාදන නැහැ. මේ ත්‍රස්ත විරෝධී පනතින් රටට, ජනතාවට, සතුරු ත්‍රස්ත ක්‍රියාවන් නොසලකා හරින ගමන්, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව හා රට ආරක්ෂා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග, ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථකථනය කිරීමට සූදානම් වෙනවා. මේ පනත අනුව කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට පෙළඹවීම, දිරි දීම, එය වැළැක්වීමට ක්‍රියාත්මක නොවීම අවුරුදු 15ක සිර දඬුවමකට ලක් වීමට හෝ තම නිශ්චල, චංචල දේපළ රාජසන්තක වීමට හෝ රුපියල් දසලක්ෂයක දඩයකට යටත් වීමට හෝ හේතුවක්; මේ තුන් ආකාරයෙන්ම දඬුවම් ලැබීමට හේතුවක්. මේ දඬුවම්වල පීඩනය පෙන්වලා, දේශපාලන පක්ෂ නායකයන්ගේ, සමාජ ක්‍රියාකාරිකයන්ගේ, මාධ්‍යවේදීන්ගේ සුජාත පැවැත්ම සහ පෞරුෂය බිඳවැට්ටවීමේ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සිදු කිරීමට මේ පනත යොදා ගැනීමට නියමිතයි. ‘මෙන්න ඔබ සිදු කර තිබෙන වරද. එම වරද ඔබ පිළිගන්නවා නම් ඔබට මේ දඬුවමින් නිදහස් වීමට පුළුවන්.’ යන ආකාරයේ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් ද මෙම පනතින් යෝජනා කර තිබෙනවා.

මෙතෙක් කාලයක් ලෝකයේ කිසිම රටක පැවැත්මට පැමිණ නොමැති, සියලු ‘විෂ’ එකතු කොට තැනූ ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒමටයි ‘වික්‍රමසිංහ – රාජපක්’ෂ පාලනය සැරසෙන්නේ. මෙවැනි පනතක් සම්මත වීමට ඉඩ දුන්නොත් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඵලක් නැහැ. මෙම පනත සම්මත වුවහොත් ඔබට ලෝකයේ බිහිසුණුම ඒකාධිපතියා ලංකාව තුළ ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිවේවි; ඒකාධිපති වියරුව දැකගත හැකිවේවි. පළමුව ‘මෙම පනත පැරදවීම සඳහා ඔබේ පෑන, කටහඬ, කැමරාව උපරිමයෙන් යොදාගන්න’ කියා මාධ්‍යවේදී සහෘදයන් වෙතින් ඉල්ලනවා. ‘මේ ඒකාධිපති වියරුවට පාර කැපීම වැළැක්වීම සඳහා කවර හෝ බෙදීම් පසෙක දමා එක මිටකට එකතු වෙමු!’ කියන ආරාධනය, උත්තර ලංකා සභාගය ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග වෙත සිදු කරනවා යැයි මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට

Next Post

එළඹෙන උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

editor

editor

Next Post

එළඹෙන උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved