• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ මැයි රැළිය මහින්දගේ ප්‍රධානත්වයෙන් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

27 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටට විශාල වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ, රටේ පැවති එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය අවසන් කරපු, රටට සංවර්ධනය යන නාමය හදුන්වාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දි මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (27) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා, “ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මැයි දිනය ඉතාම උසස් අන්දමින් මැයි 01 දා කැම්බල් පිටියේදී පවත්වන්න කටයුතු සුදානම් කරගෙන යනවා. අපි විපක්ෂයේ ඉන්න කාලයේ ඉතාමත් සාර්ථක මැයි දිනයක් කරා ගෝල්ෆේස් පිට්ටනියේදී 2017 දී. එය තමයි ඉතිහාසයේ පක්ෂයක් විසින් කරනු ලබන දැවැන්තම මැයි රැළිය. ඒ වගේම 2018, 2019 කොරෝනා වසංගතය තියෙන අවස්ථාවේත් අපි නුගේගොඩදි අපේ පක්ෂය මැයි දිනය අමතක කරේ නෑ. ගොවියන්ගේ, කම්කරුවන්ගේ දිනය අපිට විශේෂයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතා මැදමාවතේ යන පක්ෂයක්. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පක්ෂයක්. ගොවියා කම්කරුවා නියෝජනය කරන පක්ෂයක්. අපේ රටේ දහඩිය, කඳුලු හෙලන ජනතාව නියෝජනය කරන පක්ෂයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා පළාත් 09 ම, දිස්ත්‍රික්ක 25 ම, ආසන 160 ම අපි ජනතාව සහභාගි කරන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මේ රටේ ජිවත්වන ජනතාවගේ මැයි දිනයක් හැටියට. ඒ වගේම වෘත්තිය සමිතිවල සියලුදෙනාම ඉතාම උනන්දුවෙන් මේ සඳහා සහභාගි වෙනවා. ඒ වගේම අපේ හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු, මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු සහ සියලුම ආසන සංවිධායකවරු සියලුදෙනා සහභාගි වෙනවා. ඒ වගේම අපි මැයි දින රැළිය පවත්වන්නේ අපේ රටට විශාල වැඩපිළිවෙළක් ඉදිරිපත් කරපු, මේ රටේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය අවසන් කරපු, ඒ වගේම මේ රටට සංවර්ධනය කියන නම හදුන්වාදුන්න , ඒ සංවර්ධනය කරපු නායකයා හැටියට අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි කැම්බල් පිටියේ රැස්වීම පවත්වන්නේ. ජනතාව අපිව විශ්වාස කරනවා. අපි දන්නවා ජනතාව අපහසුතාවයට පත්වුණා, ආර්ථික වශයෙන් වැටුණා. මෙයට හේතු තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව භාර අරගෙන මුල් වැඩකොටස හරියාකාරව කරගෙන ගියා. අපේ රටේ ග්‍රාමීය පාරවල්, කිලෝමීටර් ලක්ෂයක් කාපට් පාරවල් බවට පත් කරන්න කටයුතු කළා. වැව් අමුණු දාහත් දාහක් හදන්න ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන ගියා. රැකියාවක් නෑ කියපු උපාධිධාරින් හැට දහකට රැකියා ලබා දුන්නා.මේ හොඳ වැඩපිළිවෙළක් කරගෙන යන අවස්ථාවේ තමයි කොරෝනා වසංගතය ආවේ. කොරෝනා වසංගතය නිසා මුළු රටම අවුරුදු 1 ½ වැහුනා.කර්මාන්තශාලා වැහුණා. සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටුණා. අපි ආණ්ඩුව භාරගන්නකොටත් ආර්ථිකය කඩා වැටිලා තිබුණේ. මේ දේවල් තිබෙද්දි තමයි අපි වැඩකටයුතු කරගෙන ගියේ. එහෙම තිබෙන කොට තමයි කොරෝනා වසංගතය ආවේ. එහෙම කරගෙන ගිහිල්ලා අන්තිමට රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතින් වැරැද්දක් වුණා. අපි එය පිළිගන්නවා. එතුමාට වැරදි උපදෙස් දුන්නා මේ රටේ ඉන්න වෛද්‍යවරු රසායනික පොහෝර නිසා මේ වකුගඩු රෝගය, හදුනා නොගත් රෝග තිබෙන්නේ කියලා.මෙය අයින් කරලා කාබනික පොහෝරවලට අපේ රට පත් කළොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, සෞඛ්‍ය කටයුතුවලට විශාල වියදමක් ඉතුරු වෙනවා කියලා උපදෙස් දුන්නේ.අපිටත් ඔවුන් උපදෙස් දුන්නා. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවා ඇන්දුවා. ඒ නිසා රටේ තිබ්බ ප්‍රශ්න වැඩි වුණා. ඒ ඇරෙන්න අපි, අපේ ආණ්ඩුව වැරැද්දක් කළේ නෑ. එතුමා හිතුමතේට වැඩ කළා. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරපු වැරැද්දක් නොවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් , බැසිල් රාජපක්ෂ මැතිතුමා කරපු වැරැද්දක් නොවේ. ඒ නිසා අපි ඒ පිළිබඳව කණගාටුවක් වෙනවා. නමුත් අපි හදන්න පුළුවන් විදිහට නැවත රජය සකස්කර ගත්තා අපි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක එක්කෙනාගේ රැවටිලිවලට අහු වුණාට එය නැවත අපිම හදාගෙන යනවා. දැන් ආපහු පොහොර ටික, තෙල් ටික ලබාදෙනවා. නැවත රට යථාතත්වයට පත් කරන්නෙත් අපිමයි. ඒ නිසා වෙච්චි වැරැද්ද හදාගෙන යන පිරිසක් හැටියට අපිට අද සතුටු වෙන්න පුළුවන්. ”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 6
Previous Post

“එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා

Next Post

එප්පාවල තෙවන මරණයත් අධික හිරු රශ්මිය නිසා බවට තහවුරු වෙයි -හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම

editor

editor

Next Post

එප්පාවල තෙවන මරණයත් අධික හිරු රශ්මිය නිසා බවට තහවුරු වෙයි -හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved