27 April 2024
#දේශීය

එප්පාවල තෙවන මරණයත් අධික හිරු රශ්මිය නිසා බවට තහවුරු වෙයි -හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම

ඊයේ (26) දින එප්පාවල මැඩියාව ප්‍රදේශයේ සිදු වූ මරණය මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හෘදයාබාධය ඇති වී මිය ගොස් ඇති බවට එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම මහතා පවසයි.

අප ප්‍රදේශයේ ඊයේ (26) සිදු වූ මරණයක් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්ථා වන්නේ හෘදයාබාධයකට ලක් වීමෙන් බවට තීරණය කරනු ලැබූවත්, ඊට ආසන්නතම සිද්ධිය වන්නේ මෙම පුද්ගලයා අධික තාපයට, සූර්ය රශ්මියට නිරාවරණය වීම නිසා වායු ගෝලීය උෂ්ණත්වයත් අධිකයි, තෙහෙට්ටුව නිසා හෘදයාබාධය ඇති වෙන්න හේතු වූවා කියන එකයි අපේ තීරණය වන්නේ.

මෙවැනි අවස්ථා දෙකක් මීට ඉහතදීත් මේ ප්‍රදේශයේදී සිද්ධ වුණා, ඒ අනුව ඊයේ (26) මරණය පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය තෙවන මරණය අපිට කියන්න පුලුවන්.මේ අය උදෑසන 10.30 ට පමණ කුඹුරට ගිය පසු පස්වරු 1.30 ට පමණ තමයි මළ සිරුර සොයාගෙන තිබෙන්නේ.අධික සූර්ය රශ්මිය නිසා මිය ගිය පසු ශරීරයේ පෘෂ්ඨය මත දිය බුබුලු ඇති වී තිබුණා.

මෙම මරණ ත්‍රිත්වයේදීම සමාකාර අවස්ථා අපිට දකින්න පුලුවන්, පාරිසරික උෂ්ණත්වය අධිකයි, ඒ වගේම ඔවුන් අධික ශරීර උෂ්ණත්වය සමඟ නෑමට කටයුතු කරනවා, ශරීරය තෙතමනයට ලක් කරනවා ඒ නිසා හෘදයේ පීඩනය වැඩි වීම නිසා හෘදයාබාධ ඇති වීමේ අවස්ථා උදා වෙලා තියෙනවා යැයි පැවසීය.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *