• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ ඡන්ද පදනම එළියට අරගෙන ගිහින් නෑ – මන්ත්‍රී සංජිව

8 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස කණ්ඩායම මහනුවර කේන්ද්‍ර කරගනිමින් මැයි රැලිය පැවැත්තු අතර ඔවුන්ගේ මහනුවර සාමාජිකයින් දෙදෙනා අවම වශයෙන් ඔවුන්ට ලැබුණු ඡන්ද පදනමෙන් 1% ක් හෝ සහභාගිකරවා ගැනීමට අදක්ෂ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම ඔවුන්ගේ පැහැදිලි කිරීම ඇතුලේත්, මතුපිටින් බැලුවාමත් සාර්ථක මැයි දින සැමරුමක් ඔවුන් තිබ්බා. ඒ ගැන තර්කයක් නෑ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ඔවුන් විසින් සමාජගත කරන්න උත්සහ කළ මහා දැවැන්ත මහජන මතයක්, එවැන්නක් ඔවුන් සතුව තිබෙන බවක් ඒ මැයි දින සැමරුම ඇතුලේ අපි දැක්කේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර මිටත් වඩා ලොකු මැයි රැළි තියලා තිබෙනවා අපි දැකලා තිබෙනවා. නමුත් පෙර නොවුවිරු අසාමාන්‍ය මැයි රැලියක් ජවිපේ පැත්තෙන් අපි දැක්කේ නෑ. ඔවුන්ට එවැනි හැකියාවක් තිබුණානම් එවැනි විශේෂ අවධානයක් දිනාගන්නා මැයි රැලියකට මිට වඩා ඉඩකඩ තිබෙන තැනකට ගිහිල්ලා කරන්න තිබ්බා. ඒ වගේම අනුර කුමාර සහෝදරයා පසුගිය ජනාධිපතිවරණ කැම්පේන් එකේදිත් ඔයිට වඩා දැවැන්ත රැලි කරන ආකාරය අපි දැක්කා. බොහෝ දෙනෙක් කල්පනා කළා සමගිජන බලවේගය මෙවර මැයි දින රැලිය ඉතාම දැවැන්ත සහ ජවසම්පන්නාකාරයේ මැයි දින සැමරුමක් කරයි කියලා. එයට හේතුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තිබෙන පළවෙනි මැයි රැලිය නිසා අති දැවැන්ත මැයි රැලියක් සජබේ පැත්තෙන් මේ රටේ මහජනයා අපේක්ෂා කළා. එවැන්නක් කරයිද කියලා යම් කුතුහලයකින් බලාගෙන හිටියා. නමුත් ඉතාම සාමාන්‍ය ඇල් මැරුණු මැයි දින සැමරුමක් තමයි සමගි ජනබලවේගය පැත්තෙන් අපි දැක්කේ. සමගිජන බලවේගයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් අපි කියන්නේ විපක්ෂයකට දැවැන්ත මහජන බලවේගයක් අලුතින් ගොඩනැගෙන අවස්ථාවක මැයි රැලියක් තියද්දි ඔයිට වඩා දැවැන්ත ස්වභාවයක් ඒ තුළින් නිරීක්ෂණය වෙනවා. ඒක මැනගන්න තිබෙන හොඳම අවස්ථාව තමයි 2017 දි පොදුජන පෙරමුණ දැවැන්ත ජනබලවේගයක් අලුත් දේශපාලන ප්‍රවණතාවක් විදිහට ගෝල්ෆේස් පිටියේ පවත්වපු දැවැන්ත මැයි රැලිය. ඒ ජාතියේ එකක් අපි ජ.වි.පෙන්වත්, සජබෙන්වත් දැක්කේ නෑ. පොහොට්ටුවෙන් ගැලවුණු මන්ත්‍රි කණ්ඩායම පොහොට්ටුවේ ඡන්ද පදනම ගලවාගෙනද යන්නේ කියලා හැමෝටම කුතුහලයක් තිබුණා. ඒ සැකය සාධාරණයි මොකද එතන බලසම්පන්න දේශපාලන චරිත කිහිපයක් හිටපු නිසා. මෙවර මැයි දින සැමරුම විසින් මේ සාධකය සංඛ්‍යාත්මකව තහවුරු කරලා පෙන්නනවා. නිදහස කණ්ඩායම මහනුවර කේන්ද්‍ර කරගනිමින් මැයි රැලියක් තිබුණා. මහනුවර ඉන්නවා ඒ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක්. අඩුම තරමින් ඔවුන්ට ලැබුණු ඡන්ද පදනමෙන් 1% ක් ආවනම් 1500 ක් වත් මේ රැස්වීමේ ඉන්න ඕන. අඩුම තරමින් ඔබ දැක්කද 0.2 වත් ඉන්නවා. නිශ්චිතයිවම පොහොට්ටුවෙන් ගැලවුණු මන්ත්‍රි කණ්ඩායම විසින් පොහොට්ටුවේ ඡන්ද පදනම එළියට අරගෙන ගිහිල්ලා නෑ. ඊට අදාළ ඊලඟ කාරණාව තමයි විමල් වීරවංශ හිටපු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තවත් මැයි දින සැමරුමක් තිබුණා. එතන ගම්මන්පිල ඇමතිතුමත් ඉන්නවා. ගම්මන්පිල මන්ත්‍රිතුමාගේ සහ විමල් මන්ත්‍රිතුමාගේ කොළඹින් ඡන්ද මනාප එකතුව පොහොට්ටුවේ ඉන්න කාලයේ ලක්ෂ 04 කට වැඩි. නමුත් අඩුම තරමින් මෙයින් 000.1% වත් ඒ මැයි රැලිය වෙතට ගේන්න පුළුවන් වුණාද? අපි ඉතාම සාර්ථක මැයි රැලියක් සංවිධාන කළා. මේ මොහොතේ පවතින දේශපාලන ප්‍රවණාතවන්ට සාපේක්ෂව ඉතාම සාර්ථක මැයි රැලිය කළේ පොහොට්ටුවේ අපි බොරැල්ල කැම්බල් පිටියේදී. පසුගිය කාලයේ අපේ පාක්ෂිකයන්ට එල්ල වුණු සාහසික මැර ප්‍රචණ්ඩ ප්‍රහාරයන් නිසා අපේ කණ්ඩායම් එක්තරා ආකාරයක දේශපාලන ගැටලුවක සහ කලකිරීමක හිටියා. ඒ අභියෝගයත් තියෙද්දි තමයි අපි මේ බොරුල්ල කැම්බල් පිටියේ මේ මැයි රැලිය තිබ්බේ. ”යැයි මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

නිවාස 2265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ඇරඹේ – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

Next Post

මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අගමැති

editor

editor

Next Post

මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved