නිදහසින් පස්සේ අපේ රට ගොඩගන්න බැරි වු බව පවසමින් නායකයොන්ට දොස් කියලා ඵලක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (01) කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීතුමන්, “දැන් අපි හැමෝම රටේ අඩුපාඩු දකිනවානේ, රෑට රූපවාහිනිය බැලුවම මේ රට හදන විදිහ ගැන ගොඩක් කට්ටිය කථා කරනවා.ගොඩක් අයගේ අදහස් තියෙනවා.අරගලය තුළත් අපි කථා බහ කළා, මේ රට වෙනස් වෙන්න ඔ්න කියලා.සිස්ටම් චේන්ජ් එකක් ගැන අපි කථා කළා.ඔය ගොල්ල කුඹුරු ගානේ, හන්දි ගානේ බෝඩ් අල්ලන් හිටියා.අපි හැමෝම කථා කළා මේ රට වෙනස් වෙන්න ඔ්න කියලා.මේ ව්‍යාපෘතිය ඇතුලේ ගත්තත්, ආණ්ඩුව ඇතුළේ ගත්තත්, ගොවි සංවිධාන පැත්තෙන් ගත්තත්, ජනතාවගේ පැත්තෙන් ගත්තත්, අපි හැමෝම දැන් අලුත් විදිහට හිතලා, අලුත් විදිහට වෙනස් වුණොත් තමයි මේ රට අපිට නැගිට්ටවන්න පුලුවන්කම තියෙන්නේ.
අනුරාධපුරයේ ඇලයාපත්තුවේ පවුල් 368 කට මේ උපකරණය දෙනවා, මේ ඇලයාපත්තුවේම ඉන්නේ බඩඉරඟු වවන මේ 368 දෙනා විතරද? තව කොච්චර ඉන්නවාද? විශාල පිරිසක් අතරින් සුවිශේෂී කණ්ඩායමක් තමයි ඔබතුමන්ලා.ඔබතුමන්ලා වාසනාවන්ත වෙලා තියෙනවා මේ ව්‍යාපෘතියට තෝරා ගන්න.ඔබතුමන්ලාට ලැබෙන ආධාරය අනෙක් පිරිසට ලැබෙන්නේ නෑ.මේ සම්පූර්ණ ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 2.5 ක පමණ ප්‍රථිලාභ ලැබෙනවා.තෙල් ඉසින යන්ත්‍රයක් දුන්නා, බිම් සකස් කර ගන්න මුදල් දුන්නා, නොමිලේ බීජ දුන්නා, අද ලබා දෙන යන්ත්‍රයත් සමඟ රුපියල් ලක්ෂ 2.5 ක පමණ සම්පූර්ණ ආදායමක් ඔබතුමන්ලාට ලැබෙනවා.රුපියලක්වත් ආණ්ඩුවෙන් නොලැබුණ ගොවිමහ්තවරු කීයක් නම් ඉන්නවාද? ඒ අතරින් ඔබතුමන්ලා සුවිශේෂියි නේද? ඔබතුමන්ලා මේ බඩු ටික හරියට පාවිච්චි කරලා, මේ අලුත් තාක්ෂණය හරියට භාවිතා කරලා, මේ රටේ අස්වැන්න වැඩි කරලා තමන්ගේ සාක්කුවේ මුදල් ටිකක් එකතු කර ගන්න ඔ්නකම තියෙනවා.අනෙක් අයට කිසිම ආධාරයක් නැතිව ලාභ ගන්න පුලුවන් නම්, ඔබතුමන්ලාට මේ ආධාරයත් එක්ක, ඒ ලාභය තවත් වැඩි වෙන්න ඔ්නකම තියෙනවා.මේ ව්‍යාපෘතියේ අරමුණ බඩඉරඟු ගොවියාව ශක්තිමත් කරන එක, ඔබතුමන්ලා මේ ආධාරයන් අරගෙන, ආයේ පාරක් කුළී කම්කරුවෝ දාලා නම් වැඩ ටික කර ගන්නේ මේ ව්‍යාපෘතිය සාර්ථකද? ඔබතුමන්ලා මේ යන්ත්‍රය කරේ දාගෙන පිටට සල්ලී දීලා උදලු ගෑවා නම්, තණ කොළ කැපුවා නම් දැන් ඔබතුමාලා ඒක කලොත් තමයි මේ ව්‍යාපෘතියට සාධාරණයක් වෙන්නේ, ඔබතුමන්ලා අතේ මුදල් ටික ඉතුරු වෙන්නේ.
දැන් මේ සියල්ලම ඔබතුමන්ලාට ලබා දෙන කොට කවුරු හරි මේ සඳහා කීයක්වත් වියදම් කළාද? කවුරුත් සල්ලි දුන්නේ නෑ, මේ සියල්ලම ඔබතුමන්ලාට ආධාර විදිහට තමයි ලැබෙන්නේ.SAPP ව්‍යාපෘතිය කියලා කියන්නේ, ණය යෝජනා ක්‍රමයක්, ලෝක බැංකුව වෙන්න පුලුවන්, වෙන බැංකුවක් වෙන්න පුලුවන්, කවුරු හරි වෙන්න පුලුවන් රටට දුන්න ණයක්, මේ ණය ගෙවන්නේ මේක පාවිච්චි කරන අය විතරක් නෙමෙයි.රටේම ජනතාව මේ ණය ගෙවනවා.බඩ ඉරඟු කරලක් දැකපු නැති මිනිහත් මේ ණය ගෙවනවා.ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් පාඩුයි කියනවා, හැබැයි ගුවන් යානයක් දැකපු නැති අයත් ණය ගෙවනවා කියලා කියනවා.ඒ වගේම තමයි මේ ණය යෝජනා ක්‍රමය ගත්තත් බඩඉරඟු කරලක් දැකපු නැති මිනිහත් මේ ණය ගෙවනවා.සීනී කිලෝ එකෙන්, පරිප්පු කිලෝ එකෙන්, මේ ණය ගෙවනවා.
මේ රට හද්ද ණය වෙලානේ තියෙන්නේ, ආයේ ණය දෙන්නෙත් නෑලු, ඒ නිසානේ අපිට මේ විශාල ආර්ථික අර්බුධයක් හැදිලා තියෙන්නේ.අපි ණය ගැන කථා කරන කොට, රෑට රූපවාහිනිය බලනකොට, අච්චරක් ණයයි, මෙච්චරක් ණයයි කියලා කියනවා, ඊළඟට උපදින්න ඉන්න පරම්පරාවත් ණයයි කියලා කියනවා.සමහර දේශපාලන පක්ෂ මේවා කියනවා.ඔබතුමන්ලා රූපවාහිනිය බලන් හිටියම අපිත් ඔලුව හොල්ලනවා.ඊට පස්සේ ණය වෙච්ච එවුන්ට බනිනවා, ආණ්ඩු වලට බනිනවා, බලලා නිකං ඉන්නෙත් නෑ, සමහර වෙලාවට හෙනත් ඉල්ලනවා නේද? අපි එහෙමනේ, අපි හරි ආසයි කාට හරි බනින්න, කාට හරි අඩුපාඩුවක් කියන්න, මේවා තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ, රූපවාහිනිය බලලා ණය ගැන කියන කොට කාට හරි හෙන ඉල්ලපු කෙනෙක් ඉන්නවා නම් මෙතන, මේ ණයත් ඒකට අයිතියි නේද? මේ ණයත් අපි අර බැණ – බැණ අහන් හිටපු ණය ගොඩේ තියෙනවා.හැබැයි අපි හිතුවාද? මේ රටේ හරි දේට ණය වෙච්ච ඒවත් තියෙනවා, වැරදියට ණය වෙච්ච එවත් තියෙනවා.ඒක වෙනම කාරණයක්, වැරදියට ණය වෙච්ච ඒවාට තමයි අපි අර හෙන ඉල්ලන්නේ, හැබැයි මේක හරි විදිහට පාවිච්චි කර ගත්තොත් අපිට ඒ හෙනෙන් බේරෙන්න පුලුවන්, කොහොමද අපි ඒ හෙනෙන් බේරෙන්නේ, ඔබතුමන්ලාගේ පවුල් ශක්තිමත් කරන්න රටම ණය වෙච්ච එකෙන් ආණ්ඩුවත් කෘෂිකර්ම අමාත්‍යංශයත්, ණය වෙච්ච එකෙන් අපිට මේ රටට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුලුවන් වෙන්නේ, අපි මේ බඩු ටික හරියට පාවිච්චි කළොත් , අපි මේකෙන් නිසි ආදායමක් ගත්තොත්, අනෙක් ගොවීන්ට වඩා වැඩි ලාභයක් අපේ සාක්කුවේ ඉතුරු කර ගත්තොත් විතරයි.එහෙම වුණොත් නේද අපිට පුලුවන්කම තියෙන්නේ ඒ වෙච්ච ණයට සාධාරණයක් දෙන්න.
දැන් මේ රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක, දැන් අපි දන්නවානේ ලයිට් බිල වැඩියි, වතුර බිල වැඩියි, බස්ගාස්තු වැඩියි, ටියුෂන් පන්තියේ ගාන වැඩියි මේ සේරම දැන් වැඩියි, හැබැයි කෘෂිකර්ම අමාත්‍යංශය තාමත් ගොවියා වෙනුවෙන් ආධාර සපයනවා, මේ ආණ්ඩුව ගොවියා ශක්තිමත් කරන්න ඔ්න කියන තැන ඉන්නවා.අපි සතුටු වෙන්න ඔ්න මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් ගොවියා ශක්තිමත් කරන්න තාමත් මේ ලබා දෙන ආධාර පිළිබඳව අපි සතුටු වෙන්න ඔ්න.මේ සියලු ප්‍රශ්න මැද්දේ ගොවියා රකින්න, ගොවිතැන ආරක්ෂා කරන්න දෙන්න පුලුවන් උපරිම මට්ටමෙන් සහන ලබා දෙනවා.හැබැයි සමහර වෙලාවට අපි සතුටු මට්ටමටම නැති වෙන්න පුලුවන්, හැබැයි තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තම දෙන්න පුලුවන් උපරිමයෙන් ගොවිමහත්වරු වෙනුවෙන් සියලු සහයෝගයන් මේ වන විටත් ලබා දෙමින් යනවා, ඉදිරියටත් දෙනවා,
ඉදිරියේ එන මාස් කන්නයට ලංකාවේ බඩඉරඟු අක්කර 45 000 ක් වෙනුවෙන් ගොවි මහත්වරුන්ට අපි ආධාර ලබා දෙනවා.ඒ අක්කර 45000 න් අනුරාධපුරයට අපිට වෙන් කරගන්න පුලුවන්කම ලැබුණා අක්කර 20 000 ක්.එන මාස් කන්නයේ අනුරාධපුරයේ ගොවි මහත්වරු 10 000 ක් වෙනුවෙන්, රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා දෙනවා.රුපියල් බිලියනයක ආධාරයක් ලැබෙන්නේ.මේ රුපියල් බිලියන පවුල් 10 000 ක් අතරේ බෙදුනේ නැත්නම් ඒ රුපියල් බිලියනයම අපේ පවුල් 10 000 ක් අතින් වියදම් වෙනවා නේද බඩඉරඟු වගාවට,ඒ රුපියල් බිලියනයම අනුරාධපුරයේ ඉතිරි වෙනවා.තමන් වියදම් කරන්න ඔ්න ගාන තමන්ගේ සාක්කුවේ ඉතිරි වෙනවා, කෘෂිකර්ම අමාත්‍යංශය හරහා මේ ව්‍යාපෘතියෙන් පවුල් 10 000 ක් වෙනුවෙන් රුපියල් බිලියනයක් අලුතෙන් අනුරාධපුරයට එනවා, ඒ අනුව රුපියල් බිලියන 02 ක් මාස් කන්නයේ බඩඉරඟු වගාව වෙනුවෙන් මේ ආණ්ඩුව, කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ලැබෙනවා.කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් මේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ ආණ්ඩුව ගොවියාව අමතක කරන්නේ නැතිව දෙන්න පුළුවන් උපරිම ශක්තිය අද ලබා දෙමින් යනවා.
දැන් සමෘද්ධිය ගෙන ආවේ 1994 දී දුප්පත්කම නැති කරන්න.හැබැයි දියුණු වෙච්ච එකෙක් ඉන්නවාද? සමෘද්ධි කාඩ් එක කැපෙයි කියලා කොච්චර දියුණු වුණත් ත්‍රීවිල් එක්ක තියෙන මිනිහත්, ත්‍රීවිල් එක ලියාපදිංචි කරන්නේ වෙන කෙනෙක්ගේ නමට, සමෘද්ධි කාඩ් එක කැපෙන නිසා, 1994 ඉඳන් දුන්න සමෘද්ධියේ 2500 / 3000/ 5000 ගන්න තාමත් අපි නෑ, නෑ කියනවා නේද? තාමත් අපි දුප්පත් කියනවා නේද? අපිට නැති වෙන්න එක හේතුවක් තමයි අපි සතුටු නෑ නේද මොනවා හම්බුණත්, මේ ආධාරය ලැබුණත් මේකත් කරේ තියාගෙන සමහර වෙලාවට බෙදපු මටත් බැණ බැණ යන්නේ, මූ එනවා කිව්වේ 10 ට ආවේ 11 ට, මුට හෙන ගහන්න ඔ්න කියලා තමයි යන්නේ.හැබැයි මේවා දීලා තියෙන්නෙත් අපි, සැලසුම් කරලා තියෙන්නෙත් අපි මේ සේරම කරලා තියෙන කොට ඒ බඩුවත් අරන් බැණ -බැණ තමයි යන්නේ.මේක තමයි අපේ ඔලුවේ වැඩ කරන්නේ.අපිට පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම, වගාවක් ගත්තොත් කවදාවත් අපි ලාභයි කියනවාද? ලාභයි කියන්නේ නෑ, ඒකත් කොහෙට හරි මාට්ටු කරලා කියන්නේ මෙහෙම වුණා නම් හොඳයි කියලා.හිත සතුටෙන් ගත්ත ලාභයවත් තමන් සතුටු වෙන්නවත් හිතන්නේ නෑ, මේ කන්නයේ නම් හරි ෂෝක් ලාභ වුණා කියලා අපි හිත හදාගන්නෙවත් නෑ, මේක අපි වෙනස් කර ගන්න ඔ්න.අර සමෘද්ධියේ කාඩ් එක කැපෙයි කියලා හැමදාමත් හිඟන්නෝ වගේ ඉන්නවාද? නෑ අපි එහෙම වෙන්න ඔ්න නෑ, අපිට පුලුවන්කම තියෙන්න ඔ්න සමෘද්ධි ව්‍යාපාරය හරහා අපි තැනකට ආවා නම්, යමක් ඉතුරු කර ගත්තා නම් ව්‍යාපාරයක් කරන්න ආරම්භ කළා නම් අපිට සන්තෝසෙන් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්ට සමෘද්ධි කාඩ් එක දෙන්න පුලුවන්කම තියෙන්න ඔ්න. සර් මම සමෘද්ධියෙන් ගොඩ ගියා මේ කාඩ් එක තවත් දුප්පත් මිනිහෙකුට දෙන්න කියලා.හැබැයි අපි එහෙම අවංක වෙලා තියෙනවාද? අපි එහෙම සතුටු වෙලා තියෙනවාද? අපි බලන්නේ මැරෙනකල් සමෘද්ධි කාඩ් එක කොහොමද අපි තියාගන්නේ.බැරි වෙලා හරි කැපුවොත් දේශපාලඥයෙක් හම්බෙන්න ගිහිල්ලා සර් බලන්න මම ඡන්දය දුන්නා, මගේ සමෘද්ධිය කැපුවා, ඔ්ක නේද කියන්නේ, අපිත් ගොන් කමට ඒක අහලා කපන්න දුන් නැතිව තියා ගත්තා නේද? අපේ රටට කෙළවෙන්න, වරදින්න හේතු ඒවා නේද? අරගලයෙන් නේද මේවා ගැන ඇස් ඇරුනේ අපිත් වැරදියි කියලා.ඔයගොල්ලොත් වැරදියි, අපිත් වැරදියි, අපි හැමෝම අතින් අඩුපාඩු වෙලා තියෙනවා.හැබැයි මේ අඩුපාඩු ටික හදන්නත් ඉන්නේ අපි අපිමයි.අඟහරු ලෝකයෙන් ගේන්නද? ඔය කට්ටිය කිව්වට අපිට දීලා බලන්න අපි කරන්නම් කියලා, ඒ ගොල්ලන්ට දුන්නත් ඒ ටිකම තමයි.ඒ ගොල්ලත් එහෙම්ම තමයි.ඒ ගොල්ලත් එකයි, අපිත් එකයි, අපි හැමෝම එකයි.හැබැයි අපිට පුලුවන්කම තියෙනවා, අපි ස්වයං විවේචනයක් කර ගත්තොත් අපි අතින් අඩුපාඩු වුණා කියලා, අන්න එදාට අපිට මේ රට හදන්න පුලුවන්කම තියෙනවා.දැන් අපි ඉන්න ඔ්න අපි වෙනස් වෙලා , මේ රට හදමු කියන තැනයි.එහෙම නැතිව අපිට අරෙහෙන්-මෙහෙන් දෙයි, අරයා කරයි- මෙයා කරයි කියලා බලන් ඉන්න කාළයක් නෙමෙයි තියෙන්නේ.
අපි මහා උජාරුවෙන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියලා කියනවා නේද? ඇත්තටම අපේ අධ්‍යාපනය නිදහස්ද? ටියුෂන් යවන්නේ නැතිව ළමයෙක් විභාගය පාස් කරගන්න පුලුවන්ද? ශිෂ්‍යත්ව පන්තියේ ඉන්න ළමයා, පන්ති භාර ටීචර්ගේ ටියුෂන් පන්තියට යැව්වේ නැත්නම් මොකද වෙන්නේ, හැබැයි මේවා අපි කථා කරන්නේ නෑ නේද? අපි භයට කර බාගෙන ඉන්නවා.අපි රජයේ කාර්යාලයකට ගිහිල්ලා, කවුරුහරි දන්න මිනිහෙක් නැත්නම් උදව්වක් ගන්න පුලුවන්කම තියෙනවාද? එක වැඩක් කර ගන්න කීපාරක් අපි යනවාද? අදුරන්නේ නැත්නම් පොලීසියකට ගිහින් වැඩක් කර ගන්න පුලුවන්ද? වැරදි කරපු පැත්තේ අදුරන කෙනෙක් හිටියොත් අපිට සාධාරණයක් වෙනවාද? එහෙම නම් මේ හැමදේම වෙනස් වෙන්න ඔ්නකම තියෙනවා නේද? අරගලයේ මූලිකම අරමුණ වුණේ පාර්ලිමේන්තුවේ 225 එළියට ගිහින් තව 225 වාඩි වෙන එක නෙමෙයි.අරගලයේ සැබෑ අරමුණ වුණේ මගෙත්, ඔබේත් සියලු වැරදි හදා ගන්න ඔ්න කියන එක, ඒකයි අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කලේ, ඒ සිස්ටම් චේන්ජ් එකට පාටක් – පක්ෂයක් නෑ, ජාති-ආගම් භේදයක් නෑ, අපි හැමෝම වෙනස් වෙන්න ඔ්නකම තියෙනවා, අපි අපි එකතු වෙලා මේ වැටිච්ච රට නැගිටිටවන්න ඔ්න, හැබැයි තාමත් අපි දේශපාලනික වශයෙන් බෙදිලා, අපි ගමෙත් බෙදිලා, කාර්යාලයෙත් බෙදිලා, කුඹුරෙත් බෙදිලා, හැබැයි අවසානයේ ගත්තාම ලොක්කෝ,ලොක්කෝ නම් එකයි.ඒ පැත්තේ බලයේ හිටියත්, මේ පැත්තේ බලයේ හිටියත් ඒ අය හරි, හැබැයි ගමේ අපි වෛරක්කාරයෝ වෙලා, තරහාකාරයෝ වෙලා ඔරවගන්නවා.දැන් සමහර ශ්‍රී ලංකා එකේ ඉඳලා පොහොට්ටුවට ගියා, අපි දැක්කම හිනා වෙන්නෙත් නෑ, දැන් නම් හිනා වෙනවා, කාළයක් හිනා වෙන්නත් භයයි.
අපි මේ වගේ බෙදුණ, වෙන් වුණ නිසා තමයි තාමත් අවුරුදු හැත්තෑ ගණනක් , නිදහසින් පස්සේ අපේ රට ගොඩගන්න බැරි වුණා කියලා නායකයොන්ට දොස් කියලා වැඩක් නෑ, අපිමයි ඒ දේවල් කරලා තියෙන්නේ, නායකයෝ හදලා තියෙන්නෙත්, බලය දීලා තියෙන්නෙත් ඔබතුමන්ලා, ඒ අයට වැරදි වැඩ කරන්න ඉඩ දීලා තියෙන්නෙත් ඔබතුමන්ලා, වැරදි වැඩ කරපුවහම රැකලා තියෙන්නෙත් ඔබතුමන්ලා, මේ හැමදේම කරලා තියෙන්නේ ඔබතුමන්ලා අපි හැමෝම එකට එකතු වෙලා, ඒ නිසා එක මිනිහෙකුට බැන්නට, අතීතයට විතරක් බැන්නට මේ රට ගොඩදාන්න පුලුවන්කමක් නෑ,අතීතයේ වෙච්ච හැමදේටම අපි සතියක් අරගෙන බනිමු, සතියක් එක දිගටම බනිමු, හැබැයි ඊළඟ සතියේ රට හොඳ වෙනවාද? අපි වෙනස් වුණේ නැත්නම්, අපි වෙනස් කලේ නැත්නම් ඒක වෙනස් වෙන්නේ නෑ, බැන්නා කියලා එවුන්ට මොකක් හරි වෙනවාද? ඒ වෙන්නෙත් නෑ, එවුන්ට ලැජ්ජාවකුත් නෑ, මේ රටේ බැනුම් අහන එවුන්ට ලැජ්ජාවකුත් නෑනේ, වැරදි කරනවා, ඒ වැරැද්ද ආයේ ආයේ කරනවා, හැබැයි ඔබතුමන්ලා කෙලින්, ශක්තිමත්ව හිටියොත් එහෙම ඔබතුමන්ලාට ඒක වෙනස් කරන්න පුලුවන්.
දේශපාලඥයෝ විදිහට අපි හැමදාම ඇවිල්ලා අපේ පුරාජේරුව කියලා යනවා, අරක දෙන්නම්-මේක දෙන්නම් ඔයගොල්ල අපිත් එක්ක ඉන්න, ඔහොම තමයි ඉනන් ඔ්න, අපිත් බලන්නේ අපේ සාමාජිකයෝ ටික වැඩි කරගන්න.හැබැයි අපි කවදාවත් ඔලු හදලා තියෙනවාද? අපි අවුරුදු 13 ක් ඉස්කෝලේ යනවානේ, සාමන්‍ය පෙළ , උසස් පෙළ පාස් කරනවා, සමහරු කැම්පස් යනවා, අපි රස්සාවක් වෙනුවෙන් සුදුසුකමක් හදාගෙන තියෙනවාද? සාමාන්‍යපෙළ පාස් වුණ ගමන් අම්මා තාත්තා දේශපාලනය කළා නම් දරුවා හිතන් ඉන්නවා, අන්න දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්, අම්මයි-තාත්තායි මට ජොබ් එකක් හොයලා දෙන්න ඔ්න, අනේ අම්මයි-තාත්තයි අයදුම්පතක් අරගෙන අපි ගාවට එනවා, ඇවිල්ලා මොක්කද කියන්නේ, සර් අපි අච්චර රැස්වීම් ගානක් කළා, මං ගාවට ඇවිත් කියනවා මහඇමතිතුමාගේ කාළේ ඉඳලා සර්ලා එක්කමයි අපි හිටියේ කියලා කියනවා.ඒ නිසා අපේ එකාට රස්සාවක් ඔ්න කියලා කියනවා.හැබැයි කොලේ බැලුවම සාමාන්‍යය පෙළ ගණනුත් නෑ, සිංහලත් නෑ, සමහරු උසස් පෙළත් කරලා තියෙනවා, ඒත් අරක නෑ, අපිත් එක්ක ඇවිත් තර්ක කරනවා සර් මෙච්චර වැඩ කරලත් ඇයි අපිට රස්සාවක් ගන්න බැරි කියලා.අපේ ක්‍රමයක් තිබුණාද පුංචි කාලේ ඉඳන් අපේ ඔලුවට දාන්න රැකියාවක් ගන්න සුදුසුකමක් හදා ගන්න ඔ්න කියලා, මේසන් බාස් ගාවට, උපාධිධාරියෙක් ගියත්, මේසන් හැන්ද දෙන්නේ නෑ,මොන උපාධිය දැම්මත් ඉස්සරලාම කියන්නේ වැලි ටික ගෙනෙන්, සිමෙන්ති කොට්ටේ කර ගහන් වරෙන්, සිමෙන්ති අනපන්, ඒ සේරම කරලා ඉවර වෙලා, කවදා හරි බාසුන්නැහැට තේරුනොත් එහෙම මූට මට්ටම් ලෑල්ල හරියට අල්ලා ගන්න පුලුවන්, හැන්ද හරියට හසුරුවා ගන්න පුලුවන් කියලා තේරුනොත් ඒදාට නේද දෙන්නේ.උපාධිය තිබ්බා කියලා බාස් කරන්නේ නෑ.ඒ වගේ තමයි අනෙක් රස්සා වලත්, අපිට පාසලෙන් උසස් පෙළ කරලා ඉවර වෙලා, රැකියාවකට සුදුස්සෙක් වෙයන් කියලා කිව්වද?ඉස්කෝලෙන් අපිට ඉගැන්නුවේ නෑ ඒක, දෙමවුපියෝ අපිට කිව්වෙත් නෑ,සමාජයෙන් අපිට කිව්වෙත් නෑ, අපි ඔහේ යන්නම් වාලේ ඉස්කෝලේ ගියා, කකුල් දෙක බාල්දියේ දාගෙන රෑ නිදි මරාගෙන පහුගිය ප්‍රශ්න පත්‍ර ටික අරගෙන විභාග පාස් කරන්න ඉගැන්නුවා මිසක්, විභාග පාස් කරන්න දෙමවුපියෝ උදව් කළා මිසක් අපිට රැකියාවක් සඳහා සුදුස්සෙක් වෙයන් කියලා අපිට කියලා දුන්නේ නෑ.අද කට්ටිය රට යනවා, නොයෙකුත් දේවල් වලට යනවා, කීයෙන් කීදෙනාටද සුදුසුකම් තියෙන්නේ.අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා, NITA තියෙනවා, කාර්මික විද්‍යාල තියෙනවා, හෝටල් පාසල් තියෙනවා අපි මේවායෙන් ප්‍රයෝජන ගත්තාද? අපි විභාග පාස් කර කර හිටියා මිසක්, ඒ විභාගයට රැකියාවක් ඉල්ලුවා මිසක් රැකියාවට සුදුස්සෙක් අපේ ක්‍රමය තුළ හදලා නෑ, මේක 100% ක් ජනතාවගේ වරදක් නෙමෙයි, රටේ වරදක්, අපි මේවා කථා කරපු නැති එකේ වරදක්. ඒ නිසයි මම කියන්නේ දේශපාලඥයෝ විදිහට අපි කලේ අපේ ගොඩ ගොඩගහගන්න එක විතරයි,අපි ඔලුටික හැදුවේ නෑ, අපි හැමදාම ගිහින් තවත් දේශපාලඥයකුට බැන්නා, තව කෙනෙකුගේ අඩුවක් කිව්වා, අපි නම් එහෙම නෑ කිව්වා,අපි අපේ ගොඩ හදාගන්න හැදුවා මිසක්, අපි රටේ ජනතාවගේ ඔලු හදන් නඅපි කවදාවත්, කථා කරලා නෑ, හැබැයි කථා කලොත් සමහර විට ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා.
දැන් මේ මං කියන ටික සමහරුන්ට තේරෙයි, සමහරුන්ට මේක කිව්වේ දුමින්දනේ, ඔ්කා කිව්ව නිසාම කරන්නේ නෑ, ඔ්කා අපේ පැත්තේ නෙමෙයිනේ, එහෙම තමයි අපේ ඔලු වැඩකරන්නේ, ඉස්සර ඉඳන් අපි එහෙමනේ.අපි කැමති කෙනෙක් කිව්වොත්, අපි විශ්වාස කරන කෙනෙක් කිව්වොත්, අන්න අපි අහයි වැරද්දක් හරි, හැබැයි ඇත්තක් කවුරු හරි කිව්වොත් එහෙම, නෑ නෑ, ඔ්ක කිව්වේ අපේ එකා නෙමෙයි, අපි අපේ එකා කිව්ව දවසට ඔ්ක කරමු, ඔ්කා කිව්වේ ඇත්තක් තමයි, හැබැයි අපේ එකා නෙමෙයිනේ ඔ්කා, එහෙම හිතන තාක්කල් අපිට මේ රට ගොඩදාන්න පුලුවන්කමක් නෑ,ඒ නිසයි මම කියන්නේ අපි හැමෝම වෙනස් වෙන්න ඔ්නකම තියෙනවා.අපි වෙන කෙනෙක් වෙනස් වෙනකම් බලන් ඉන්න එපා, තමන් වෙනස් වෙන්න.එහෙම වුණොත් තමයි අපිට මේ රට නැගිට්ටවන්න පුලුවන්කම තියෙන්නේ.එහෙම නැතිව උදේ ඉඳන් රෑ වෙනකල් කාට හරි බැණ බැණ හිටියට, අඩුපාඩු කිව්වට රටක් හදන්න පුලුවන්කමක් නෑ,
රෑට රූපවාහිනිය බැලුවම සමහර වෙලාවට හොඳට නින්ද යනවා, ඇයි අපි අකමැති උන්ට හොඳට බනිනවා ටීවී එකේ ,නාට්‍ය ටිකත් සේරම බලාගන්න පුලුවන්කම තියෙනවා.උදේ පාන්දර පත්තරෙත් කියනවා අරක නෑ, මේක නෑ කියලා, අපි නැගිටින්නෙත් ඒ වගේම, අපි අහන්න අකමැති දේවල්, හැබැයි කුණුගොඩවල්, ඒවා අහන්න අපි හරි ආසයිනේ.අරයා මැරුවේ මෙහෙමයි, මෙයා මැරුවේ මෙහෙමයි, අරයා දූෂණය වුණේ මෙහෙමයි, අතන බෙල්ල කැපුවේ මෙහෙමයි, ඔය වගේ දේවල් අහන්න අපි හරි ආසයි.රෑටත් අහනවා, උදේටත් අහනවා, අපේ ඔලුව සුද්ධ වෙලා නෙමෙයි අපි නැගිටින්නේ, දැන් මේවා ගැන හිතන්න, අපිට අලුත් දේවල් වලට වඩා අපි කොහොමද අපේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ ,අපේ පවුලේ ආදායම අපි වැඩි කරගන්නේ කොහොමද? අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා, රස්සාවක් ගනන්න තැනට අපි යවන්නේ කොහොමද ? මේවගේ දේවල් ගැන හිතුවොත් අපිට පුලුවන් මේ රට වෙනස් කරන්න, අනෙක් අය හැදෙනකල් ඉන්න එපා, අපි හැදිලා, අපි වෙනස් වෙලා පෙන්වමු යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
තිසර සමල් – අනුරාධපුර