රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධයට පාර්ලිමේන්තුව නියෝජනය කළ 225ම අඩු වැඩි වශයෙන් ඒ සඳහා දායක වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (6) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය ” මේ රට ආර්ථික අර්බුධයකට පත්වෙලා තිබෙන අවස්ථාවේදි උදවු කරන්න කියල විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඇතැම් අවස්ථාවලදී විපක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. බදු අඩු කළාමත් බනිනවා. වැඩි කළාමත් බනිනවා. ඒ ගොල්ලන්ට අරමුණක් නැහැ. රටේ ආර්ථික අර්බුධය ගැන එක රජයකට විතරක් නෙවෙයි, පසුගිය කාලයේදී මේක නියෝජනය කළ 225ම අඩු වැඩි වශයෙන් දායක වෙලා තිබෙනවා. ඒ නිසා හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ. මේක විවාදයකට ගන්නේ නැතුව සභාවේ වැඩටික කරගෙන යමු කියලා මම ඉල්ලීමක් කරනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.