27 April 2024
#දේශීය

වාරිමාර්ග,ජලාශ,බලශක්ති ගැන ඉරාන රජය සමඟ කළ සාකච්ඡා සාර්ථකයි – ඇමැති රොෂාන්

මෙරට වාරිමාර්ග,ජලාශ සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට ඉරාන රාජ්‍ය සමඟින් කළ සාකච්ඡා සාර්ථකව අවසන් වු බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා ඉරාන රාජ්‍යයේ සංචාරයක් අතරතුර එරට වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් හමු වී සාකච්ඡා සිදු කලේය.

එහිදී විශේෂයෙන් දෙරට අතර වාරිමාර්ග,ජලාශ,බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සදහා ඉරානය ආර්ථික සහයෝගීතාව සදහා වූ ඒකාබද්ධ කොමිසම (UCEC) හි වැදගත්කම ඔවුන් පැහැදිළි කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *