• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

22 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ නගරයේ රජයට අයත් ඉඩම්වල සිදු කළ, පසුගිය ආර්ථික තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන්ට අවසන් දැනුම් දීම සිදුකර ඇති බව ද පැවසූ අමාත්‍යවරයා, ආයෝජකයන් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ”  මේ වන විට කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කර තිබෙනවා. ඒම නිසා අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අප ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ලබන මාසය අවසන් වීමට පෙර ආයෝජකයන් ඒ පිළිබඳ තීන්දුවක් නොගන්නේ නම් ඒම ව්‍යාපෘති රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරනවා. එසේම කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම් තිබෙනවා. ඒවා ද රටට සහ ජනතාවට ආර්ථිකමය වශයෙන් ශක්තියක් ලැබෙන ආකාරයට නව ආයෝජකයන්ට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව රටට හිතකර ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම කටයුතු සිදුකරමින් තිබෙනවා. හිල්ටන් හෝටලය මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සේවක අයිතිවාසිකම් මෙන්ම හිල්ටන් හෝටල් ජාලයේ සම්මුතීන් ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලැබෙන අයුරින් එය වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට සමගාමීව බත්තරමුල්ල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලය ද නව ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නවා. එම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් ද පත් කර තිබෙනවා.තවද, මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන තිබෙනවා. එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබාදීමට ද තිරණය කර තිබෙනවා. තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබාදීමට නියමිතයි. ලෝකයේ අනිකුත් රටවල්වල මෙන් සංචාරක ආකර්ෂණය දිනාගන්නා වෙරළ ආරක්ෂක ක්‍රියාකාරකම්වලින් සමන්විතව එම කලාප ස්ථාපිත කිරීමට නියමිත තිබෙනවා. මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල මැදිහත් වීම යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව එම ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර කොළඹ ඝනඅපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති යටතේ ඉදිකිරීම් ආරම්භ කළ අරුවක්කාලු කසළ අංගනය ලබන වසර ජනවාරි මස අවසන් වීමට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට ගෙවීමට තිබූ හිඟ මුදලින් රුපියල් මිලියන 61ක් ගෙවා අවසන්. එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමෙන් පසු හදිසි අවශ්‍යතාවකදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට එය යොදා ගැනීමට අපේක්ෂා කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

Next Post

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී RIA SCHRÖDER ඇමැති සුසිල් හමුවෙයි

editor

editor

Next Post

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී RIA SCHRÖDER ඇමැති සුසිල් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved