ජල කළමණාකරණය කිරීමට මහවැලි ව්‍යාපාරයේ විශාල නිලධාරීන් පිරිසක් සිටින බවත් එමෙන්ම එවැනිම විශාල පිරිසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සිටින අතර ඔවුන්ගේ නොසැලිකිළිබාවය එම ගැටලුවට හේතුවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ” මේ දිනවල අපේ රටේ විශාල නියඟයක් පවතින වෙලාවක්. අපි දන්නවා පහුගිය කාලවලදීත් ගොවීන්ට නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම මේ සැරේ ස්වභාවිකම ආපදාවක් ලෙසයි ඇවිත් තිබෙන්නේ. මෙහි ප්‍රතිපලයක් හැටියට තමයි මේ වන කොටත් උඩවලව ගොවිජනතාව විශාල වශයෙන් පිඩාවට පත්වෙලා තිබෙන්නේ. උඩවලව ජලාශයේ ජලය අඩුවෙනකොට ගොවිබිම්වලට ජලය කළමණාකරණය කිරීම හරියාකාරව කරලා නැහැ කියලා අපිට ඉතාම පැහැදිලියි. හැමදෙයක්ම දේශපාලනඥයන්ගේ උඩින් තමයි යන්නේ. නමුත් මේ ජලය කළමණාකරණය කරන්න මහවැලියේ ඉන්නවා විශාල නිලධාරීන් පිරිසක්. ඒ වගේම තව විශාල පිරිසක් ඉන්නවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. අපිට දැනෙනවා ගොවින්ගේ ප්‍රකාශ අනුව කාලයක් ජලය අපතේ ගිහින් තිබෙනවා කියලා. මේවා පිළිබඳව හරියාකාරව කළමණාකරණයක් නොකරපු එකේ ප්‍රශ්නයක් බවට තමයි පත්වෙලා තිබෙන්නේ. ඒ නිසා එහි වගකීම දරන්න ඕන කවුරුත්. අපි දැක්කා හුඟාක් ඉල්ලීම් කරලා උද්ඝෝෂණ කළා, සමහර පක්ෂත් ඇවිල්ලා මෙයින් ප්‍රයෝජනය අරගෙන ගොවි ජනතාව අවුස්සන එක තමයි ඔවුන් කරන්නේ. නමුත් දැන් සමනළ වැවෙන් ජලය ටිකක් හරි දෙනවා. මේ දෙන තින්දුව කලින් ගත්තනම් කොච්චර වටිනාවාද? මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කෘෂිකාර්මික කටයුතු කරන හුඟාක් දිස්ත්‍රික්කවල දැන් ජල හිඟයකට මුහුණදිලා තිබෙනවා. කුඹුරු, ගොයම් මේ වන කොටත් විනාශ වීමේ අවධානයකට පත්වෙලා තිබෙනවා. ඒනිසා මේ අවදානමට ලක්වෙලා තිබෙන ඒ ඒ ජලය අඩු ප්‍රදේශවල ගොවීන් පත්වෙලා ඉන්න තත්වය පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීන් සහ වාරිමාර්ග සහ මහවැලි නිලධාරීන් දැනටම ඒ පිළිබඳව උනන්දු වෙන්න ඕන. අපි මේවාට විසඳුම් සොයාගන්න ඕන. එහෙම නැතිනම් පිඩාවට පත්වෙලා සිටින ගොවිජනතාව සහ මේ රටේ ආර්ථිකය වැටෙනවා. කෘෂිකාර්මික රටක් කියන එක හුඟාක් දෙනෙක් අමතක කරලා වැඩකරන්නේ. කෘෂිකාර්මික රටක් හැටියට කෘෂිකර්මය කරන්න නම් ප්‍රධානම සාධකය තමයි ජලය. ඒ ජලය හරියාකාරව කළමණාකරණය කළේ නැත්නම් මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වගකිවයුත්තන්ගෙන් තව තවත් හානියට පත්නොවෙන්න කඩිනමින් වගබලා ගන්න කියලා.”යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසිය.