• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෑලියගොඩ මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කිරීමට නව සමාගමකට ලබාදෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

8 September 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පෑලියගොඩ මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කිරීමට මේ මාසයේදී නව සමාගමකට ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන), ඊ.ඒ.සි. ප්‍රියශාන්ත මහතා, පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පෑලියගොඩ මැනිං වෙළඳපොළේ උද්ගතව ඇති ගැටළු විසඳීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශ කරමිනි.

ඔහු සඳහන් කරන්නේ දැනට කැලි කසල ඉවත්කරනු ලබන සමාගමේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් ප්‍රශ්න ගණනාවක් උද්ගතවී තිබෙන බවයි.

මෙම වෙළඳපොළ නිරන්තරයෙන්ම පිරිසිදුව පවත්වාගෙන යෑමට තමන් වෙළඳසංගම්වල සහාය බළාපොරොත්තුවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සි. ප්‍රියශාන්ත මහතා ” කොළඹ මැනිං වෙළදපොළ කොළඹ සිට පෑලියගොඩට ගෙන ආවේ සැලසුමකට අනුවයි. මෙය කොළඹ පවතින විට විශාල රථවාහන තදබදයක් පැවතුණා. කොළඹ වාණිජ අග නගරය ලෙස සංවර්ධනය වන විට මෙම වෙළදපොල එහි පවත්වා ගැනීම අපහසු වුණා. එය කොලඹ තිබුනේ කිසි පිළිවෙලකට නෙමෙයි. එම ස්ථානයට පැමිණෙන තොග වෙළදුන්ට සහ මිනිසුන්ට වාහන නතර කරගන්න බැහැ. එම නිසා සංවර්ධන සැලසුමකට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ අක්කර 5 ක පමණ පැවති මැනිං වෙළදපොළ අක්කර 13 ක ප්‍රමාණයකට පෑලියගොඩට ගෙන ආවා. පෑලියගොඩට ගෙන ආවට පස්සේ ඕනෑම වෙළෙදෙකුට අධිවේගී මාර්ග හරහා මෙම ස්ථානයට පැමිණෙන්න පුළුවන්. වෙළදපොල විතැන් කිරීමේදී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වෙළදපොල ගෙන ඒම නිසා තොග වෙළදාමට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. වාහන පාර්ක් කරන්න පුළුවන්. නමුත් සිල්ලර වෙළදාම සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට ප්‍රවාහන ප්‍රශ්න තිබෙනවා, මගී ප්‍රවාහන බස්රථ මේ හරහා ගමන් නොකිරීම නිසා. අපි අවස්ථා කිහිපයකදීම ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග කතා කරා මේ හරහා බස්රථ ගමන් කිරීම සම්බන්ධයෙන්. නමුත් එය අසාර්ථක වුණා. බස් ධාවනයට තරම් ප්‍රමාණවත් මගින් පිරිසක් එම මාර්ගවල නැති නිසා ප්‍රවාහන අංශ ඊට අකමැති වුණා.නමුත් අපි තවමත් ඒ සඳහා උත්සාහ ගන්නවා. මෙහි තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි කැලි කසල සහ වැසිකිලි ප්‍රශ්නය. අපි මෙය සැලසුම් කරන විට බලාපොරොත්තු වුනාට වඩා වැඩි ජනතාවක් මෙම ස්ථානයට පැමිණෙනවා. ඒ නිසා දැනට ක්‍රියාත්මක වැසිකිලි පද්ධතියවල උතුරා යාම ඇතැම් විට සිදුවෙනවා. එය උපරිමයෙන් පාලනය කිරීමට අපි කටයුතු කරනවා. අපි වසරකට කලින් මෙම වැසිකිලි පද්ධතිය ටෙන්ඩර් පටිපාටිය අනුව පෞද්ගලික අංශයට දීලා බැහැර කරන්න කටයුතු කරන්න හැදුවා. නමුත් මැනිං වෙළද සංගම් ඊට විරුද්ධ වුණා. අපිට පමණක් මෙම කටයුත්ත කරන්න අපහසුයි. වෙළද සංගම්වල සහයෝගයත් අපිට අවශ්‍යයි. අපි මේ සදහා විසදුම් ලබා දෙන්න කඩිනමින් කටයුතු කරනවා. මෙහි ආපන ශාලාවයි කසල බැහැර කරන ස්ථානයයි එක ලග පිහිටා තිබෙනවා. එම නිසා කසල බැහැර කරන තැන වෙනත් තැනකට ගෙන යන්න කටයුතු කරනවා. කසල ටොන් 7ක් 8ක් පමණ එකතු වුණාම තමයි කසල ඉවත් කරන්නේ. සමහර විට කසල ඉවත් කිරීම සවස් වන විට තමයි අදාල සමාගම සිදු කරන්නේ. කැලි කසල ඉවත් කිරීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමේ අකාර්යක්ෂමතාවයත් මේ සදහා බලපාලා තියෙනවා. අපි අලුතින් ටෙන්ඩර් කෝල් කරලා අලුත් සමාගමක් තෝරා ගැනීමට කටයුතු කරනවා. මේ මාසේ ඇතුලත වෙනත් සමාගමකට දෙන්න කටයුතු කරනවා. ඒ සමග මෙම ප්‍රශ්නය විසදා ගන්න පුළුවන් වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය ලෙස අපි පෑලියගොඩ මැනිං වෙළදපොළ සාර්ථක පවත්වා ගන්න පුළුවන් උපරිම කටයුතු ඉදිරියටත් සිදු කරනවා යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සි. ප්‍රියශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

“නැණ ගුණ වැඩුමට අත්වැලක්” වැඩසටහනේ සමාරම්භකය ලග්ගල පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේදි

Next Post

දයාසිරි ගැන මෛත්‍රිගේ තීන්දුවට අධිකරණයෙන් වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප වෙයි

editor

editor

Next Post

දයාසිරි ගැන මෛත්‍රිගේ තීන්දුවට අධිකරණයෙන් වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025

Recent News

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved