• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

වෙරළ සංරක්ෂණය අරමුණු කර ගනිමින් අලියාන්ස් ලංකා සහ Pearl Protectors සංවිධානය අත්වැල් බැඳ ගනියි

21 September 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු කෙරුණි.

ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා දිනට යෙදෙන “ලෝක පිරිසිදු කිරීමේ දිනය (World Clean-up Day)” වෙනුවෙන් අලියාන්ස් ලංකා සමාගම දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, ඒ සඳහා අලියාන්ස් සාමාජිකයින් 100දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

මෙම සුවිශේෂී වැඩසටහන මඟින් පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ කැපවීම පිළිබිඹු කෙරෙන අතර, අලියාන්ස් ලංකා කණ්ඩායම විසින්, Pearl Protectors සංවිධානයේ සහයෝගය ඇති ව, දෙහිවල වෙරළ තීරයේ තිබූ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය ඉවත් කරමින්, එය පිරිසිදු මෙන්ම සෞඛ්‍යාරක්ෂිත අවකාශයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන ලදී.

අලියාන්ස් ලංකා සමාගමේ අලෙවි කළමනාකරණ අංශ ප්‍රධානී කසුන් යටවර මහතා මෙම වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “ජීවිතයේ බොහෝ වටිනා දෑ ආරක්ෂා කරන අතරම, අපගේ පරිසරය සහ පෘතුවිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමද අමතක නොකළ යුතුය. මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව මම විශ්වාස කරනවා. ඒ වගේම වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම, එහි පැමිණෙන සියලු ම දෙනාගේ වගකීමක්. අප පරිසරය ජීවත් වීමට යහපත් තැනක් බවට පත් කිරීම අප කාගේත් යුතු කමක්. අලියාන්ස් ලංකා කණ්ඩායම Pearl Protectors සංවිධානය සමඟ එක් වී දියත් කළ මෙම වැඩසටහන සැබවින්ම ප්‍රශංසනීයයි.” යනුවෙනි.

පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ම වර්තමානයේ අලියාන්ස් ලංකා සමාගම දියත් කළ මෙම වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන තිරසාරත්වය පිළිබඳ එම සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. සම්ප්‍රදායික වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනකින් ඔබ්බට යමින්, පරිසරය සුරැකීම වෙනුවෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණක් වූ අතර, ව්‍යාපාරික අරමුණුවලින් බැහැරව අලියාන්ස් ලංකා සමාගම Pearl Protectors සංවිධානය සමඟ එක් වී දියත් කළ මෙම වැඩසටහන ස්වාභාවික උරුමයන් සුරැකීම සඳහා ව්‍යාපාරික ආයතනවලට ඉටු කළ හැකි භූමිකාව පිළිබඳ හොඳම නිදසුනකි.

Allianz Insurance Lanka Ltd සහ Allianz Life Insurance Lanka Ltd යන සමාගම් ද්විත්වයේ එකතුව අලියාන්ස් ලංකා නමින් හැඳින්වෙන අතර, එය ජර්මනියේ මියුනික් නගරය මූලස්ථානය කරගනිමින්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන අලියාන්ස් SE හි පූර්ණ අනුබද්ධිත සමාගම් සමූහයකි. අලියාන්ස් සමූහය සතු ප්‍රාග්ධන ශක්තිය සහ ව්‍යාපාරික විශේෂඥතාව එහි සාර්ථකත්වයට ප්‍රබල ලෙස හේතු වී ඇති අතර, සිය ගුණාත්මක සේවා සහ නවෝත්පාදන හරහා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමට අලියාන්ස් සමාගම කැප වෙයි.

පිටපත – PR

Post Views: 2
Previous Post

රටේ බංකොලොත් තත්ත්වයට සජිත්ගේ පියාත් වගකිව යුතුයි – ඇමති ප්‍රසන්න

Next Post

ජනපති සහ ජර්මනියේ ෆෙඩ්‍රික් – ඊබට්-ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක්

editor

editor

Next Post

ජනපති සහ ජර්මනියේ ෆෙඩ්‍රික් - ඊබට්-ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved