• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්පැන් නිෂ්පාදකයන් සතුටු කරලා විදුලි පාරිභෝගිකයන් දුකට පත් කරලා – විපක්ෂ නායක සජිත්

21 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය නොකර ගෙන අනීතික ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම නිහීන පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම අරක්කු කොම්පැනි කරුවන් සිගරට් කොම්පැනි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබා දී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝසමින් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බවට පොරොන්දු වන බවත් මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩුවෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බව හෙතෙම මෙහි දී පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (21) බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.

මේ වන විට ගම්මට්ටමින් දුප්පත්කම තුරන් කරනවා වෙනුවට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් බියර් බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක බවත් සංචාරක ප්‍රවර්ධනය යැයි පවසා විහාරස්ථාන, පාසල්, පෙරපාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන අසළ මෙවැනි බියර් බාර් විවෘත කිරීමට බලපත්‍ර ලබා දෙන බවත් මොවුන් මේ රට බේබදු කමේ පාරාදිසයක් බවට පත් කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා ලෙස තමා කිසිදු අවස්ථාවක බාර් බලපත්‍ර ලබා දීම සඳහා පුද්ගලයන් නිර්දේශ කර නොමැති වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලන් නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද දුම්වැටි මත්පැන් හා ගංජා ප්‍රවර්ධනය කරන්නේ රටේ මිනිසුන්ගේ සිහිය විකල් කිරිමට බවත් එසේ ගංජා වැනි දරුණු ප්‍රවර්ධනය කරන සමහර පුද්ගලයන් ගංජ පානය කළ අය මෙන් සිහි විකල්ව කටයුතු කළ ආකාරය දැක ගැනීමට හැකි බවත් ඔවුන් කිසිම අවස්ථාවේ රටේ දරු පරපුර ගැන සිතන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකයි කිව්වත් එසේ නොවන බව මෙම සභාවේ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණයෙන් ඔප්පු වන බවත් මේ සභාවට පැමිණිය හැක්කේ අමද්‍යප පුද්ගලයන්ට බැවින් හෘද සාක්ෂියට අනුකූලව එය මෙහි දී ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම රටේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය අප රටේ සංස්කෘතියට කිදා බැස ඇති ආකාරය බැලූ විට අතිශය ශෝචනීය බවත් ඒ සදහා නීති පද්ධතිය පමණක් නොව අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාදාමය දැඩි ලෙස ශක්තිසම්පන්ව සක්‍රීයව රටේ ක්‍රියාත්මක විය යුතු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙනවා කියා කිව්වත් පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාර විසින් තමන් ගෙවිය යුතු බදු මුදලවත් හරියට ගෙවා නැති බවත් ආයතන දෙකක් ලක්ෂ 17000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මහාභාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසි අය කළ යුතු නියම බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ඡන්ද දිනන කතා නොව ඡන්ද පැරදෙන කතා බවත් ඡන්දය දිනනවට වඩා රටේ අනාගතයේ සුබසිද්ධිය වෙනුවෙන් ඉතාම සමබර ලෙස තොරතුරු දත්ත මත පදනම්ව ගරා වැටුණු දේශීය නැවත ගොඩගන්නවාද කියා හෘද සාක්ෂියට අනුකූලව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අමද්‍යප ව්‍යාපාරය මෙවැනි සම්මේලනයකට පමණක් කේන්ද්‍ර නොවී රටේ සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයකම ගමකම සක්‍රියව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අමද්‍යප ව්‍යාපාරයේ 111 වැනි මහා සභා රැස්වීමේ දී සාමාජිකත්වය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කළේය. මෙම සාමාජිකත්වය නොලැබුවත් තමා උපන්දා සිට දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර පුද්ගලයකු බවත් එය ඉදිරියටත් එසේම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. සාමාජිකත්වය ලබා ගැනීම සේම කටවචනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාදාමක් බවට පත් කිරිම සිය අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 7
Previous Post

වන අලි රංචුවක් අඹ වගාවක් සම්පුර්ණයෙන්ම විනාශ කරයි

Next Post

බීඩි බදු සංශෝධන කලේ රටේ අහිමි වු බදු ආදායම වෙනුවෙන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

බීඩි බදු සංශෝධන කලේ රටේ අහිමි වු බදු ආදායම වෙනුවෙන් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved