මාතලේ දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය සදහා මේ වසරේ රුපියල් ලක්ෂ 50ක අධික ප්‍රමාණයක් වෙන් කර මේ වන විට සංවර්ධන කටයුතු සිදු වන බව මාතලේ දිස්ත්‍රික් පරිවාස කාර්යාලය පවසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් සෞඛ්‍ය දේශිය වෛද්‍ය සමාජ සුබසාධන ළමා හා පරිවාස අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරි මහතාගේ මෙහෙවිමෙන් පරිවාස කොමසාරිස් එම්.යි සි ගුණරත්න මහත්මියගේ අධික්ෂණය යටතේ මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව සාන්ත ෆැන්සිස් පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 27ක මුදලක් සහ කොහොඹිලිවෙල සෙනෙහස පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රතිපාදන වෙන් කර මේ වන විට සංවර්ධන කටයුතු සිදු වන බවද මාතලෙ ්පරිවාස කාර්යාලය කියයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න